
මේ කතාව එක්තරා තරුණයකුට සිදුවූ සත්‍ය සිදුවීමක් මේ තරුණයා රැකියාව ලෙස කරන්නේ කැබ් සේවිස් එකක රියදුරෙකු හැටියට සේවය කිරීමය. කැබ් සේවිස් ගෙන දන්නවනේ. කෝල් එකක් එන ඕනම වෙලාවක සේවාවට වාර්තා කරන්න වෙන තැනක්නේ.රෑද දවල්ද කියලා වෙනසක් නෑ.
දවසක් මිනිහට කොලඹ ජාතික රෝහලේ ඉදලා ටිකට් කපපු රෝගියෙකු අනුරාධපුරයට රැගෙන යන්න සිදු වුනා. හවස දෙකට පමණ කොලඹින් පිටත් වුණු මොහු අනුරාධපුරයට ළගාවන විට රාත්‍රී හතටත් ආසන්න වෙලා තිබුණා.සතියකට සැරයක් විතර මේ වගේ ගමන් සෙට් වෙන නිසා මිනිහට මේවා ගානක් නෑ. රෝගියාව බස්සවපු ඔහු නැවතත් කොලඹ කරා ගමන් ඇරඹුවා.අනුරාධපුරයෙන් පිටත් වෙනකොටත් රාත්‍රී අටට ආසන්න වෙලා තිබුණා.
රෑවේගෙන එනකොට කොහොමත් වාහන අඩුයිනේ.ඒක නිසා මූ පාගලම ආවා.
ටික දුරක් එනකොට සුදුපාටින් ඇදගත්ත ගෑනු කෙනෙක් මූගේ වාහනේට අත දාලා.ඒ කාලේ ඉදලා මූට ගෑනු පරාන පෙන්නන්න බැරිලු. ගෙදරක චීත්තයක් වනලා තිබ්බත් මූ දෙපාරක් හැරිලා බලන ජාතියේ මිනිහෙක්ලු. කොහොමත් මූ තනියෙම එන එකේ කියලා. වෑන් එක නවත්තලා.
අයියේ මාව ඉස්සරහ හන්දියෙන් දාගෙන යන්න පුලුවන්ද?"
"හා...නගින්න නංගි." කෙල්ලට වැඩි වයසක් නැතිලූ. මිනිහා කෙල්ලත් එකක් අහක යන පල්පල් එහෙම දොඩනවලු ඒත් කෙල්ල කිසි කතා බහක් නැතිව පාරදිහා බලාගෙන කල්පනා කර කර ආවලු. ටික දුරක් ආවට පස්සේ...
"අයියේ ඔය ඉස්සරහ තියෙන මල ගෙදර ලගින් මාව බස්සවන්න"
මිනිහා පාර අයිනකට කරලා වෑන් එක නැවෙත්තලා.
"අයියේ...අයියට මහන්සිත් ඇතිනේ...එන්න තේ එකක් බීලා යන්න"
මූට මහන්සියෙත් හොදම එකලු.කොලඹ ඉදලා අනුරාධපුරයට ගිහිල්ලා ආපස්සට එන එකෙක් හොදටම දන්නව ඇති තියෙන කට්ට.මිනිහත් කෙල්ල කිව්ව ගමන්ම වෑන් එකෙන් බැස්සලු.බැහැලා බලනකොට අර කෙල්ල නැතිලූ.
"ශික් මේකි මෙච්චර ඉක්මනටම ගියාද " කියලා මිනිහයා මලගෙදර පැත්තට ගොඩ වුනාලු. මළ ගෙදරට ගිහිපු ගමන්ම මූට තේ එකකුත් හම්බ වෙලා. ඒකත් බීලා මූ යන්න කියලා ලෑස්ති වෙලා. ඒ වෙනකොටත් මිනිය ගෙනෙල්ලා නෑ.මිනිහා පහලට එනකොට තමයි මල් ශාලාවේ වෑන් එක ඇවිල්ලා තියෙන්නේ. මරණෙත් බලලාම යන්න ඕන කියලා හිතපු මූ ආයෙත් උඩහට ඇවිල්ලා.
මිනිය බලනකොට මූට හීංදාඩිය දාලා. මූ වෑන් එකෙන් දාගෙන ආපු කෙල්ල වගේම කෙල්ලෙක්ලූ මිනී පෙට්ටියේ ඉන්නේ.මූ එලියේ හිටිය මනුස්සයෙක්ගෙන් විස්තර අහලා පවුලේ. ඒ පවුලේ ඉන්නේ එක කෙල්ලයි කොල්ලෝ දෙන්නයි. ඒ කෙල්ල තමයි මේ මැරිලා තියෙන්නේ. අර හිටිය කට්ටියට මූට සිදුවුණු විස්තරේ කියනකොට අර මිනිස්සු පුදුම වෙලා.කෙල්ල වාහනේට යටවුණු හරියේදී තමයි මූට මේ කෙල්ලව හම්බ වෙලා තියෙන්නේ.මූට දැන් ගෙදර යන්නත් බය හිතලා.නන්නාඳුනන පලාතක්නේ ඊටත් වැඩිය මුගේ හිතත් ගැස්සිලානේ.
මිනිහා උගේ හොදම යාලුවට කෝල් කරලා විස්තරේ කියලා.මම අද එන්නේ නෑ හෙට උදේම එනවා කියලා.
ඊට පස්සෙන්දා යාලුවට කෝල් එකක් ඇවිල්ලා.අරූ හැප්පිලා මැරිලා කියලා.
රෑ එන්නේ නෑ කියපු මිනිහා රෑ ආවේ කොහොමද කියලා අදටත් ප්රශ්නයක්ලූ.....
ප.ලි.
අහපු කතාවක් නිසා "ලූ" ,හිනා යන නිසා රෑප හිතේ මවාගෙන කියවන්න.