
මේ කතාව එක්තරා තරුණයකුට සිදුවූ සත්‍ය සිදුවීමක් මේ තරුණයා රැකියාව ලෙස කරන්නේ කැබ් සේවිස් එකක රියදුරෙකු හැටියට සේවය කිරීමය. කැබ් සේවිස් ගෙන දන්නවනේ. කෝල් එකක් එන ඕනම වෙලාවක සේවාවට වාර්තා කරන්න වෙන තැනක්නේ.රෑද දවල්ද කියලා වෙනසක් නෑ.
දවසක් මිනිහට කොලඹ ජාතික රෝහලේ ඉදලා ටිකට් කපපු රෝගියෙකු අනුරාධපුරයට රැගෙන යන්න සිදු වුනා. හවස දෙකට පමණ කොලඹින් පිටත් වුණු මොහු අනුරාධපුරයට ළගාවන විට රාත්‍රී හතටත් ආසන්න වෙලා තිබුණා.සතියකට සැරයක් විතර මේ වගේ ගමන් සෙට් වෙන නිසා මිනිහට මේවා ගානක් නෑ. රෝගියාව බස්සවපු ඔහු නැවතත් කොලඹ කරා ගමන් ඇරඹුවා.අනුරාධපුරයෙන් පිටත් වෙනකොටත් රාත්‍රී අටට ආසන්න වෙලා තිබුණා.
රෑවේගෙන එනකොට කොහොමත් වාහන අඩුයිනේ.ඒක නිසා මූ පාගලම ආවා.
ටික දුරක් එනකොට සුදුපාටින් ඇදගත්ත ගෑනු කෙනෙක් මූගේ වාහනේට අත දාලා.ඒ කාලේ ඉදලා මූට ගෑනු පරාන පෙන්නන්න බැරිලු. ගෙදරක චීත්තයක් වනලා තිබ්බත් මූ දෙපාරක් හැරිලා බලන ජාතියේ මිනිහෙක්ලු. කොහොමත් මූ තනියෙම එන එකේ කියලා. වෑන් එක නවත්තලා.
අයියේ මාව ඉස්සරහ හන්දියෙන් දාගෙන යන්න පුලුවන්ද?"
"හා...නගින්න නංගි." කෙල්ලට වැඩි වයසක් නැතිලූ. මිනිහා කෙල්ලත් එකක් අහක යන පල්පල් එහෙම දොඩනවලු ඒත් කෙල්ල කිසි කතා බහක් නැතිව පාරදිහා බලාගෙන කල්පනා කර කර ආවලු. ටික දුරක් ආවට පස්සේ...
"අයියේ ඔය ඉස්සරහ තියෙන මල ගෙදර ලගින් මාව බස්සවන්න"
මිනිහා පාර අයිනකට කරලා වෑන් එක නැවෙත්තලා.
"අයියේ...අයියට මහන්සිත් ඇතිනේ...එන්න තේ එකක් බීලා යන්න"
මූට මහන්සියෙත් හොදම එකලු.කොලඹ ඉදලා අනුරාධපුරයට ගිහිල්ලා ආපස්සට එන එකෙක් හොදටම දන්නව ඇති තියෙන කට්ට.මිනිහත් කෙල්ල කිව්ව ගමන්ම වෑන් එකෙන් බැස්සලු.බැහැලා බලනකොට අර කෙල්ල නැතිලූ.
"ශික් මේකි මෙච්චර ඉක්මනටම ගියාද " කියලා මිනිහයා මලගෙදර පැත්තට ගොඩ වුනාලු. මළ ගෙදරට ගිහිපු ගමන්ම මූට තේ එකකුත් හම්බ වෙලා. ඒකත් බීලා මූ යන්න කියලා ලෑස්ති වෙලා. ඒ වෙනකොටත් මිනිය ගෙනෙල්ලා නෑ.මිනිහා පහලට එනකොට තමයි මල් ශාලාවේ වෑන් එක ඇවිල්ලා තියෙන්නේ. මරණෙත් බලලාම යන්න ඕන කියලා හිතපු මූ ආයෙත් උඩහට ඇවිල්ලා.
මිනිය බලනකොට මූට හීංදාඩිය දාලා. මූ වෑන් එකෙන් දාගෙන ආපු කෙල්ල වගේම කෙල්ලෙක්ලූ මිනී පෙට්ටියේ ඉන්නේ.මූ එලියේ හිටිය මනුස්සයෙක්ගෙන් විස්තර අහලා පවුලේ. ඒ පවුලේ ඉන්නේ එක කෙල්ලයි කොල්ලෝ දෙන්නයි. ඒ කෙල්ල තමයි මේ මැරිලා තියෙන්නේ. අර හිටිය කට්ටියට මූට සිදුවුණු විස්තරේ කියනකොට අර මිනිස්සු පුදුම වෙලා.කෙල්ල වාහනේට යටවුණු හරියේදී තමයි මූට මේ කෙල්ලව හම්බ වෙලා තියෙන්නේ.මූට දැන් ගෙදර යන්නත් බය හිතලා.නන්නාඳුනන පලාතක්නේ ඊටත් වැඩිය මුගේ හිතත් ගැස්සිලානේ.
මිනිහා උගේ හොදම යාලුවට කෝල් කරලා විස්තරේ කියලා.මම අද එන්නේ නෑ හෙට උදේම එනවා කියලා.
ඊට පස්සෙන්දා යාලුවට කෝල් එකක් ඇවිල්ලා.අරූ හැප්පිලා මැරිලා කියලා.
රෑ එන්නේ නෑ කියපු මිනිහා රෑ ආවේ කොහොමද කියලා අදටත් ප්රශ්නයක්ලූ.....
ප.ලි.
අහපු කතාවක් නිසා "ලූ" ,හිනා යන නිසා රෑප හිතේ මවාගෙන කියවන්න.
උඹ මේක සින්ඩියක් විදිහට සහ බ්ලොගයක් ලිවීමටත් භාවිතා කරනවා නේද?????? හොදයි..... ටිකක් වෙනස් වැඩක්......
ReplyDeleteඔන්න මචන් උබ තමයි හරියට මේක තේරුම් ගත්තේ.වෙනස වෙනස් නොවෙනකොට අපිට වෙනස් වෙන්න සිදද වුනා.
ReplyDeleteමගේ කියවීමට තමයි සින්ඩියක් කරගත්තේ..
උඹ මෙහෙම එකක් ලියනවා කියලා මම දැනගත්තේ අජිත්ගේ බ්ලොග් දර්ශකයෙන්.
ReplyDeleteඋඹ දන්නවනේ ඉතින් මම හොල්මන් ගැන දරන මතයේ පොඩි වෙනසක් තියනවා.ඒ වුනාට බලන්නෙම හොල්මන් කතා තියන ෆිල්ම්.
සප් එක ඉතින් අජිත් අයියලගෙන් තමයි.
Deleteමතේ මොකක් වුනත් කමක් නෑ. ඕන මතයක් මෙතන ඉදිරිපත් කරන්න පුලුවන්.
මාත් පට්ට ආසයි හොල්මන් ෆිල්ම් බලන්න පොඩි ගතියක් තියෙනවා ඒවායේ..
සතියකට දවසක් නිවාඩු, කම්මැලි කමට බලන්ඩ ෆිල්ම් ටිකක් ඉල්ලා ගත්තා පිලිපින් එකෙක් ගෙන්, ෆිල්ම් 8න් 6ක්ම සොම්බි කථා.
Deleteඅපිටත් සතියට දවසක් තමයි නිවාඩු එදාට තමයි මාත් ඔක්කොම වැඩ ටික කරගන්නේ.
Deleteකතාව කියෙවුවා. ඒක නෙවෙයි පොඩි ප්‍රශ්නයක් තියෙනව අළුත් පෝස්ට් එක සින්ඩියේ අප්ඩේට් උනේ නෑ. හේතුව වෙන්න පුළුවන් දෙයක් ගැන මම ලඟදි පෝස්ට් එකක් දැම්මා. ලින්ක් එක දාන්නම් ඒකත් පොඩ්ඩක් බලල හරිගස්සගන්න. නැත්නම් අළුත් පෝස්ට් අපේ බ්ලොග් රෝල් වල පෙන්නන එකක් නෑ. මම මේ ගැන ලියපු පෝස්ට් එක මේ ලින්ක් එකෙන් බලන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/2016/01/blog-post_10.html
ඔන්න දැන් ටිකකට කලින් අප්ඩේට් උනා.
Deleteකියෙව්වට ස්තුතියි.ප්රශ්නයේ නම් දැන් නිරාකරණය වෙලා. අජිත් අයියාගේ ඉස්සෙල්ල පෝස්ට් එකේ විදියට තමයි සෙටින් හදලා තිබ්බේ..උදව් වලට ස්තුතියි.
Deleteමාත් හනිකට ගිහිල්ලා බැලුවා. එතකොට අප්ඩේට් වෙලා
Deleteකථාව හොදයි, පත්තර වාර්තා කාරයෝ වගේ සිද්දිය දැක්කා වගේ ලියන්න. ඔබට ජය.
ReplyDeleteඈ..එතකොට පොඩි කික් එකක් තියෙනවා නේද
Deleteඊලග පෝස්ට් එකේදී ට්‍රයි එකක් දීලා බලන්නම්.
මේ වගේ කතාවක් මමත් අහල තියෙයි. කොහොමද කියල මතක නෑ. ඒකනම් මල්ෂාලාවක රියදුරෙකුට වෙච්ච වැඩක්. ඔහු රැගෙන ගිය මිනිය ම ඔහු සමග ම ඉදිරිපස ආසනයේ ගමන් කළ කතාවක්.
ReplyDeleteඔබත් හොල්මන් කතාවලට ආසෙයි කියලා අම්බලන්ගොඩගේ කතාවේ කොමෙන්ට් එකක් දාලා තිබුණා.
Deleteඔව් මචන් මාත් මේ කතාව දෙවිදියකට අහලා තියෙනවා.
කසුන් මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා.
හොඳා... :-)
ReplyDeleteThis comment has been removed by the author.
Deleteහොදයි නම් එච්චරයි.
Deleteබය හිතුනෙ නෑ. මේ වගේ කතා කියන්න ඕනෙ මළගෙදරක නයිට් ගහද්දි...
Deleteඑතකොට හොල්මන් කිව්වත් ඇති. මලගෙදර ඉදන් ගෙදර එනකොට තමයි හොදම හරිය..
Deleteමහේෂ් ගෙ මේ බ්ලොග් එක අදනේ දැක්කෙ.හොල්මන් කතාවක් ගැන කියෙව්වම මතක් උනේ දැන් නම් මට හොල්මන් කතාවලට බයහිතෙන්නේ නැහැ ලඟදි යාළුවො වගයක් එක්ක මහ දවල් හොල්මන් කතා බලන්න ගිහින් ළඟ හිටිය යාලුවෙක් බයෙන් කෑගැහුව එකටනම් පොඩ්ඩක් ගැස්සුනා ;)
ReplyDeleteහොයාගෙන ඇවිල්ලා කොමෙන්ට් එකක් දාපු එකට ස්තුතියි හංසියෝ.
Deleteඔය මහ දවල්නේ..මහ රෑ ඕවා ගැන කතාකරානම් හොදයිනේ..
ඔයාට බය හිතෙන්න ඕන මනම් රෑ 12ට බොරැල්ලේ කනත්තට ගිහිල්ලා කොත්තුවක් කාල මේ කතාව කියවන්න..හී හී..
මන් නං අසයි වැඩේට..හොල්මන් කතා නං කියවන්න මර ආසවක් තියෙන්නේ මට..
ReplyDeleteඔන්න ගිම්මි url එක වෙනස් කරගත්ත සින්ඩියට දාගන්නකෝ
http://gimmigekolama.blogspot.com/
එහෙනම් හැමදාම එමුකෝ..
Deleteurl එක වෙනස් කර ගත්ත එකනම් හොදයි ගිම්මි.නමට හරියන්න.
දිගටම ලියමු අපි බලන්න එනවා. ඔන්න සිංඩියටත් දාගත්තා.
මේ ආකාරයේ ගෙතූ කතා මං ගොඩක් අහලා තියෙනවා.
ReplyDeleteමේ වගේම කතා දෙක තුනක්ම මමත් අහලා තියෙනවා. හැම එකක්ම බොරු කතා කියලානම් මම කියන්නේ නෑ.
Deleteස්තුතියි අදහසට..