Sunday, January 24, 2016

කැරකෝපුව ගෙන පොඩියට & එම්බාම් කිරීම

කැරකෝප්පුව

කැරකෝප්පුව කියලා නම දැම්මේ හොල්මන් කතා ටිකක් තියෙනවා ඒ ටික ලියලා දාන්න. හොල්මන් කතා තිබුණු අඩවි ගණනාවක් දැන් අප්ඩේට් වෙන්නෑ. දැන් හොල්මන් කතාවලටම කියලා තියෙන්නේ අඩවි කිහිපයක් පමනි. ඒවාත් මේ අවුරුද්දේ තාම කිසිම පෝස්ට් එකක් පලවෙලා නැහැ(මම දන්න තරමින්) 
මම ගොඩක් කැමති හොල්මන් කතාවලට ඒකනිසා තමයි මේ වගේ එකක් මටත් හදාගන්න ඕන කියලා හිතුවේ..
මමත් තාම කතා හොයනවා හොය හොය තමයි පෝස්ට් කරන්න වෙන්නේ. මම දන්න කතා ටිකයි තියෙන්නේ..හැබැයි අදනම් පෝස්ට් එකක් දාන්න වෙන්නේ නම්...
හොල්මන් ගෙන විස්තර කරන්න ඉස්සර වෙලා එම්බාම් කිරීම ගැන පොඩ්ඩක් විස්තර කරන්න හිතුවා...මනුස්සයෙක් මැරුණට පස්සේ මල් ශාලාවේ ගෙදර තමයි එම්බාම් කරන්නේ. මේ කියන්න යන්නේ මල් ශාලාවේ කරන විදිය.මල් ශාලාවට ගෙනාවට ගෙනාවට පස්සේ මල් ශාලාවේ තියෙන විශේෂ මැශින් එකක තියෙන බටයක් මිනියේ යටි පතුලේ හයි කරන්නේ කකුලේ තියෙන ප්‍රධාන ශිරාවකට ඊට පස්සේ අර මැශින් එක දානවා එතකොට එකේ තියෙන පවර් එකට ශිරාව දිගේ ඇගේ තියෙන කැටි ගැහැච්ච ලේ ඔක්කොම ඇදිලා එනවා.ඊට පස්සේ හොදට නාවනවා.නෑව්වට පස්සේ මිනියේ මුලු ඇගටම ක්ලෝරෆෝම් ස්ප්‍රේ කරනවා.ඉන් පසුව මිනිය වේලෙන්න කලින් ටිෂූ එකක් වගේ කොලයක් අලවනවා. ක්ලෝරෆෝම් වේලුනාට පස්සේ එතන කොලයක් තියෙනවද කියලා පේන්නෑ.ඒ කොලේ විනිවිද පේන්න ගන්නවා.ඊට පස්සේ ඇදුම් අන්දලා ඇදුම ටින්ටස් ඇන වලින් හයි කරනවා.මම කියනදේ ගැන පොඩි හරි සැකයක් තියෙනවනම් මල ගෙදරකට ගිහිල්ලා මිනියේ මූන ටිකක් නියපොත්තකින් හූරලා බලන්න.

ප.ලි.
•මල ගෙදරට ආපු මිනිස්සු ඔබ පිස්සෙක් කියලා ගල් ගසා එලෙව්වට වග කියන්නේ නැත(මිනියේ මූන සීරීමට ගොස්)
•එම්බාම් කිරීම ඔක්කොම දැකලා නෑ.සමහර කරුනු අසා දැනගෙන ඇති කරුනුත් ඇතුලත් කර ඇති බවද සලකන්න 





17 comments:

  1. මෙකට කමෙන්ට් කරන්න ටිකක් අමාරුයි. කමෙන්ට් එක ලියන්න ගියහම ඒක වෙනත් පේජ් එකකයි ඕපන් වෙන්නේ. ඒක පොඩ්ඩක් සෙටින් වලින් හදන්න. ෆලෝවර්ස් ගැජට් එකත් එකතු කරන්න අපේ යාළුවන්ට ෆලෝ කරන්න ලේසි වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඒ ගෙනනම් හරියට දන්නෑ.ෆ්ලවර්ස් ගැජට් ටිකත් එක්මනටම දාගන්නම්.
      සහයෝගයට ස්තුතිය.

      Delete
  2. කමෙන්ට් කරන ඒක හදාගන්න...... සින්ඩියට දා ගත්තා...... ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්.

      Delete
  3. ඔන්න කොමෙන්ට් කරන එකත් හැදුවා.

    ReplyDelete
  4. මන් නං ඉතින් ඒ වැඩේ කරලා නෑලු පොඩි කලේ...දැන් මට පිස්සු කියනව එහෙම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි හිතුවක්කාරිට පිස්සුයැ.
      නැත්තම් මෙයාත් හොල්මනක්ද දන්නෑ..
      ලොකු කාලේ කරලා බලන්නකෝ..

      Delete
  5. හම්මෝ බය හිතෙනවෝ

    ReplyDelete
    Replies
    1. බයයි ඈ...තාම කතාවක්වත් දැම්මේ නෑ
      කතා දානකොට උබට හිනා යාවී බන්.

      Delete
  6. මේකත් මයියමද ලියන්නෙ. හොඳා හොඳා... :-)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඌ නෙවී
      බුහැක්

      Delete
    2. ඩ්‍රැකී මේක ලියන්නේ උබ වගේ පොරක්.

      Delete
    3. මහේෂ්,
      මං ඊරී යකෙක්. මාත් එකක් සෙල්ලම් බෑ..

      Delete
  7. මට නං මිනී කපන සීන් කෝන් ඇලජික්.
    අඩුගානෙ පේසියකට ඩැත් බොඩි ක වත් බලන්ට යන්නෑ

    ReplyDelete
    Replies
    1. ඔන්න තව එකෙක් ඉන්නවා බය වෙන්න.අප්පේ මිනී කපන එක බලන් ඉදලා මටත් එපා වුනා.

      Delete
  8. ලියලා තියෙන විදියට බලන්න යන්න හිතෙනවා. හැබැයි හූරලා බලන්න නං බෑ, හික්! බලමු බලමු, හොල්මන් කතා වලට සාකියා බොහොම කැමතියි.

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ හොල්මන් කතා කියවන කට්ටිය අඩුයි කියලා. බැලින්නං එහෙම නැහැනේ.
      සාකියා මේ පැත්තට ආඩම්බරයෙන් පිලිගන්නවා.
      දිගටම එන්න හොල්මන් කතා පමනයි.

      Delete

ඔබට සිතුනු දේ කිසිදු වෙනසක් නොකර කුරුටු ගා යන්න.
පුලුවන්නම් ෆලෝපාරක් දීගෙනම යන්න..
ඔබටත් කැරකෝපුවෙන් රියන් 4ක් වෙන්වෙලා නැද්ද?
දැන්ම කොමෙන්ට් එකක් මගින් ඔබේ අඩවියේ නම මෙහි පලකරන්න