Monday, February 1, 2016

හෆීල්ගේ සෙවනැලි හොල්මන...

පින්තූරය අන්තර් ජාලයෙන්

සාමාන්‍යයෙන් හොල්මන් කතා වලට කැමති බොහෝ මිනිස්සු මම අනන්තවත් දැක ඇත. ඒ බොහොමයක් අය හොල්මන් කතා,අවතාර වලට කැමත්තක් දක්වන්නේ ඒවාට ඇති බිය හා කුතුහලය නිසාය. එවන් අය සදහා තමයි මම මේ ලියන්නේ...මේවාට කැමති නැති අයත් අති කියලා මම හිතනවා.මේ මගින් සමාජයට අයුතු මතයක් දීමට බලාපොරොත්තු නොවෙන බව කරුණාවෙන් සලකන්න. අතිශය විනෝදය සදහා පමණක් මෙය ලියාගෙන යන්නේ.

මායි තිසරයි කවිදුයි ගිය වෙසක් එකට වෙසක් කූඩු හදන්න පන්සල් ගියා. දහම් පාසලේ වෙසක් කූඩු තරගෙට අපි තුන් දෙනාත් කූඩුවක් හදන්න තමයි පන්සලට ගියේ හෙට වෙසක් පෝය නිසා ඊට කලින් කූඩුව කොහොම හරි හදාගන්නත් ඕන.අපි තුන්දෙනා රෑ අට විතර වෙනකොට කූඩුව හදලත් එවර නෑ. අපිට ප්‍රතිවිරුද්ධ පාර්ශව කිහිපයක්ම කූඩු හදලා ගියා. අපි තුන්දෙනා හැරුනම ඉතිරි උනේ තව දෙන්නයි උන් දෙන්න කූඩුව හදලා එවරයි ඒත් යන්නේ නෑ.අපි තුන්දෙනා උන්ගේ කූඩුවට ගේම දෙයි කියලා බයට..අපේ වැඩත් දන්නවනේ ඉතින්. දැන් රෑ දහයත් පහුයි. අපි යන්නේ නෑනේ අරුන් තුන්දෙනත් ගියා ගෙදර. අපිත් ආතල් එකේ හොල්මන් කතා අරව මෙව්ව කියකිය කූඩුව හැදුවා. අපි සෙට් එක කූඩුව හදලා ඉවර වෙනකොට රෑ දොලහත් පහුයි. 
"යමන් බන් ගෙදර මටනම් නිදිමතේ ඉන්නත් බෑ" තිසරය කන් කෙදිරි ගාන්න පටන් ගත්තා.

"ඔව්  බන් හෙට උදේ පාන්දර ඇවිල්ලා අලවමු හවසටනේ තරගේ තියෙන්නේ..."

"නෑ..බන් අපි මෙහේ රෑ ඉදලා අලවමු බන්...එතකොට ලේසියිනේ..." මං වෙනස් මතයක හිටියා.

"උබ මෙහේ ඉදපන්.....
මේ මගුලේ ඉන්න පුලුවන්ද..." මුන් දෙන්නම මට හරස් විය.

"හා..හා..කෑනොගහ පලයන්"
  
තුන්දෙනාත් එකක් පන්සලෙන් එනකොට රෑ දොලහාමාරත් පසු වී තිබුණි. අපි පන්සල ළග වංගුවට එනවිට අයියලා සෙට් එකක් අඩිය ගහනවා.

ආ....මල්ල්ලිලා...කොහෙද මේ...පන්සල් ගියාද" සුද්ද්‍යියා ඇහුවේය.
ඔව් බන් අයියේ අපි පන්සල් ගියා."

"බලාගෙන පලයල්ලා...මුස්ලිම් කඩේ ළග ගෙදර හෆීල් හිටියා..."
"අනේ පලයන් යන්න බන් කෙබ්බ ගහන් නැතුව."
තිසරයාගේ මූණනම් ටිකක් අවුල් වගේ..

"මොකෝ බන් තිසර.."
"මටනම් දැන් මොකක්ද මොකක්ද වගේ බන්....අපි පන්සලට ගිගින් නිදාගමුද?"
තිසරයා දැන් ලෙල්ල හුටන් වෙන්න බයවෙලා.
"තොට හොද වැඩේ මං කියන එක අහන් නැතුව ආවට"
"වාහේ තොට යන්න තියෙන්නෙත් මේ පාරෙන්ම තමයි" උගේ කතාව හරිය අපි තුන් දෙනාටම යන්න තියෙන්නේ මේ පාරෙන් තමයි.
පන්සල ළග හංදියට වෙනකම් මල ලතෝනි තිය තිය ආපු එකෙක්වත් දැන් නෑ... තුන්දෙනා එක්ක අඩිය ඉක්මන් කරලා ආවා. මුස්ලිම් කඩේ කිට්ටු වෙනකොට තුන්දෙනාගෙම ගමන බාල වුණා.  

"ඒ බන් මොකුත් පේනවද බලපන්"
"මොනවා පේන්නද තිත්ත පත කරුවලයි" අපි චෝච් එකක් තියා ෆෝන්  එකක්වත් අපි ළග තිබුනේ නෑ..  දවල්ට මහ ලොකු චන්ඩියා..තිසරයා අපිත් එක්ක ඉන්නවද කියලා අපිට තේරෙන්නෑ ඌ ඒ තරමටම සයිලන්ඩ්.
"මෙතෙන්ට වෙලා අල කන්නද යමන් බන් යන්න" කවිදුවා කියාගෙන ඉස්සර උනා.
ඒත් එක්කම වළාකුළු  වලට මුවා වෙලා තිබුණු හද එලිය එකපාරටම පාරට වැටුණා.
" ඒ බන් නැවතියන්"
"මොකෝ දැන් තමයි යන්න හොදම වෙලාව"
"ඒ..ඒ..බ..ලපන්. අතර අ...වතාරය" තිසරයා පෙන්නපු පැත්ත බැලුවා.. අම්මට සිරි ඇත්තනේ.... අවතාරයේ හෙවනැල්ල පාරට වැටිලා තියෙනවා.
දැන් මොකද කරන්නේ මචන්.."
"මොනවා කරන්නද හද එලිය යනකම්ම ඉන්න වෙනවා" කවිදුවාගේ කයියත් දැන් බැහැලා....
තුන්දෙනා එක්ක පාර අයියේ තාප්පෙට හේත්තුවෙලා. පැය  බාගයක් විතර බලාගෙන හිටියා හද එලියනම් යන පාටක්වත් නෑ.. මදුරුවොත් කනවා. නිදිකිර හිටපු අපි තුන්දෙනාට හොදටම නින්ද ගියා. එක පාරටම මට ඇහැරුනා වෙලාවක් කියන්නනම් දන්නෑ... එතකොට හද එලියත් ගිහිල්ලා. 
" ඒ බන් නගිටපන්" අරුන් දෙන්නා උඩ විසික් වෙලා ඇහැරුනා. එකෙක් ඔලුව කහනවා. අනිකා තුස්නිම්භූත වෙලා වගේ මගේ දිහා බලන් ඉන්නවා.
මොකෝ බන් මං නැගිට්ටුවේ..
"මේක යකෝ..පාර ගෙදර යමු" මිනිහා සැපට නිදාගෙන තියෙන්නේ ගෙදරෙයි කියලා.
තුන් දෙනාත් එක්ක නැගිටලා ගෙදර යන්න ආවා. හොල්මනනම් දෙන් පේන්න නෑ තිත්ත පත කරුවලයි.
අපි තුන්දෙනා හෆීල්ලගේ ගෙදර ලගට ආව විතරයි. හද එලිය එක පාරටම ආවා. ඒ එක්කම අවතාරයේ චායාව අපේ ඇගට වැවැටුණා.
පින්තූරය අන්තර්ජාලයෙනි

අපි තුන්දෙනා  දිව්වා මන කඩාගෙන ගිහිල්ලා නැවතුනේ ගෙදර හැබැයි අපි තුන්දෙනාගෙන් කාටවත් නූල් එහෙමනම් මතුරන්න ඕන උනේ නෑ හැබැයි බය වෙන්න පුලුවන් හොදම විදියටම බය වුණා.


අපි තුන්දෙනා හොලමනට හේතුව දැන ගත්තේ ඊට පස්සෙන්දා හෆීල්ලගේ ගෙදර ඉස්සරහ තියෙන අඹ ගහට හද එලිය වැටුණාම තමයි ඒ ගහේ හෙවනැල්ල පාරට වැටෙන්නේ.මරු අවතාරේ නේ....

හොල්මන් කතා වලට කැමති අයට මේකත් කියවලා බලන්න දැන මත්කත් නැතුව ඇතිනේ...
මෙන්න අම්බලන්ගොඩයා දැකපු හොල්මන් කතාවක්.


ප.ලි.
මේක මට වෙච්චි දෙයක් නෙමෙයි. මට ඒ වගේ අත්දැකීමකට තාම මූන දෙන්න බැරි වුණා.
මෙන්න මට පාසල් ජීවිතේ මුහුණ දෙන්න සිදුවුණු සුන්දර අත්දැකීමක් කියවපු නැති අය ඒකත් කියවන්න මයිලෝ අපිට මයිලෝ දීම...
ඔබට සදාජය..

35 comments:

  1. ඔය වගේ අවතාර දැකපු එවුන් මාත් එක්කත් උන්ගෙ අත්දැකීම කියල තියෙනව. ලියන්න ලියන්න දිගටම.

    ReplyDelete
    Replies
    1. මාත් අහපු ඒවා විතරයි. අත්දැකීමකට තාම මුහුණ දීලා නෑ. ආසයි මුහුණ දෙන්න ඒත් බයයි.
      බොහොම ස්තුතියි දිරිමත් කිරීමට.

      Delete
  2. උඹ කිව්වත් වගේ හොල්මන් ගැනමනේ කතා කරන්නේ.... බයේ බැහැ බං...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. මේක පටන් ගත්තේ ඒකටනේ. මම දන්න හොල්මන් කතා ඔක්කොම ටික මේකේ දානවා. ඉවර උනොත් හොයලා හරි දානවා.
      බයයි නෙහැ..

      Delete
  3. හොල්මන් ඔයා පස්සේ එනවද ඔයා හොල්මන් පස්සේ යනවද මන්ද...

    ReplyDelete
    Replies
    1. අප්පේ හොල්මන් මගේ පස්සේ ආවොත් මිසක් මම යනවද හොල්මන් පස්සේ.. රෑ හතෙන් පස්සේ එලියට බහින් නෑ.. ගිම්මිටත් හිතෙන දේවල්..

      Delete
    2. හිකිස් ලස්සන හොලමනක් දැකල හිත ගිහින් පස්සෙන් ගියොත් එහෙම කියන්න බෑනෙ

      Delete
    3. ඒකනම් කියන්න බැරියෝ.. හැක්.

      Delete
  4. හොල්මන් නෙහ්? අපි නැතෝ...

    ReplyDelete
    Replies
    1. ඔන්න කසුනෝ උබටම කියලා හොල්මන් සයිට් එකක් හැදුවා.
      ඉඩ තියෙන වෙලාවට ඇවිල්ලා යන්න එහෙනම්...

      Delete
  5. මරු, ඔය ලෙසටම ලියල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න බොලා කියපු නිසා මං පත්තර කාරයෙක් විදියට ලියන්න පටන් ගත්තා. වැරදි එමට ඇති පසුව හදාගන්නම්.
      ජය වේ.. ලලිත්.

      Delete
  6. http://thebosssmileyjoejoe.blogspot.com/ blog life එකට තාම කිරි කෝඩු ආයුබොවන්ඩ​...ඕං මගේ බ්ලොග් එකේ url නාමේ comment කළා මං.මේ මටත් කැරකෝප්පුවෙන් රියන් 4ක් වෙන් කරන්ටෝ.....

    ReplyDelete
    Replies
    1. ආයුබොවන්ඩ..
      ඔන්න බොසාගේ රියන් හතරත් තුනෙන් වෙන් කොලා..
      ලියාගෙන ආව වගේ දිගටම ලියමු. ජය වේ..බොස්.

      Delete
    2. අනේ සිංහ දෙයියෝ ඔබට පිං සිද්ද වෙන්න ඕං අර අවුල විසඳුනා....දැන් පුලුවනි කාට කාටත් comment කරන්ට box එකේ...දීපු සහයෝගයට බෝම ස්තූතියි...ආයෙ ඇවිත් යන්ට එන්න ඒ පැත්තෙ boss නගා ලියපුව බලන්ට​..ජය වේ

      Delete
    3. උදව් කරන්න ලැබීම සතුටක්..
      නෑවිත් කොහොමද බොස්.

      Delete
  7. සුපිරි කතාව සහො,කුතුහලයත් එක්ක වචන ගැලපිම හිතට වදිනවා,
    රැට පාරෙ තියේන ගසුත් හෙවනැලි දාලා අපිටම නක්කලේ දානවා,මොනවා කරන්නද සහෝ,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රස්ති අගය කිරීමට. ඔව් සහෝ මාත් රෑට කොච්චර බය වෙලා තියෙනවද ගස්වල සෙවනැලි වලට...

      Delete
  8. "ද බොස්"බ්ලොගයට කොමෙන්ටු දාන්න නොහැකි බවක් තියෙනවා,පොඩ්ඩක් එක හදන්න,

    ReplyDelete
    Replies
    1. ඔව් රස්තියාදුවෝ..මාත් මේ සිංහ රාජ සහෝගෙන් ඒක හදන්න උපදෙස් ගනිමිනුයි හිටියේ..වැඩේ කියන්නෙ මොකක්දෝ අවුලක් තියනවා අනේ...මොකක් හෝ පිළියමක් යොදන්නන් දෙයියෝ ඉක්මනට​...එතෙක් සමා අවසර​

      Delete
    2. යුරේකා යුරේකා...දැන් හරි bro.. කොමෙන්ට් කොරන්ට ඇහැකි දැන්..welcome to ලොක්කගේ පැල්පත මෙතැන් සිට​

      Delete
    3. රස්ති. මං එනකොට බොසා වැඩේ ගොඩ දාගෙන. දැන් ගිහින් බලන්න කොමෙන්ට් කොටන්න පුලුවන් හිටු කියලා..

      Delete
    4. බොස්... අපහසුතාවට පත්කර යන්ට ගියාට සමාවෙන්ඩ. ඔබේ උත්සාහය අගය කරනවා. මං එන්නත් කලින් ඔක්කොම හදාගෙන නෙව..
      සුභ පැතුම් බොස්..

      Delete
    5. සිංහ රාජට පිං සිද්ධ වෙන්න තමයි ඕං වැඩේ ගොඩ දාගත්තෙ...බෝම ස්තූතියි..

      Delete
    6. වැඩේ කෙරුනනම් එච්චරයි. දැන් දිගටම ලියන්න.

      Delete
    7. එහෙමයි එහෙමයි රජතුමනි !

      Delete
    8. අණ පිලිපැද්දාට රාජ ග්‍ව්රවය.. බොස් හැමතිස්සෙම පල්පතේ වගේ.. අපිට අද කොමෙන්ට් දාන්න ටිකක් අමාරුයි ඉන්ටර්නෙට් ස්ලෝ..

      Delete
    9. අනේ එකට කමක් නෑ රජෝ...පුළුවන් හෑම වෙලාවකම ගොඩ වැදිල යමක් කමක් කියල දීලා යන එකම ලොකු දෙයක් ඇත්තෙන්ම​...ආයෙ ඇවිත් යන්ට එන්න රජුනේ !

      Delete
    10. පුලුවන් හැම වෙලාවකම ගොඩ වැදිලා යන්න එනවා..

      Delete
  9. මේක මිස් වෙලානේ බොල.

    ReplyDelete
    Replies
    1. ...//මේවාට කැමති නැති අයත් අති කියලා මම හිතනවා//...

      මම නම් හොල්මං විශ්වාස කරන්නේම නෑ.ඒ වුනාට හොල්මන් කතා වලටයි ෆිල්ම් වලටයි පට්ටෙට කැමතියි.හැබැයි ඉතින් මම දැකලා නැති වුනාට විශ්වාස නොකලට අපේ සමහර උන් ඕවා දැකලා තියනවා.වෙලාවක තියන්නම්කෝ ඔය ගැන කතාවක්

      Delete
    2. ආයේ මිස් කරගන්නවා එහෙම නොවෙයි. හැක්.

      Delete
    3. මනෝ,
      මාත් තාම හොල්මන් දැකලා නෑ ඉතින් කොහොම විශ්වාස කරන්නද?
      මාත් අහපු ඒවා තමයි. හොල්මන් කතා අහන්න බලන්න මාත් පට්ට ආසයි. ඒකෙන් පට්ට කික් එකක් එන්නේ.. ඉඩ තියෙන වෙලාවට කියමු බලන්න උබේ කතාවත්.
      පැමිණියාට ස්තුතියි!

      Delete
  10. ඔන්න මාත් ආවා, කැරකොප්පුවේ පොටෝඑකත් බොගට දාගත්තා.

    ReplyDelete
  11. ඒක නම් මාරු කතාව. ඇත්තටම බය හිතුනා

    ReplyDelete

ඔබට සිතුනු දේ කිසිදු වෙනසක් නොකර කුරුටු ගා යන්න.
පුලුවන්නම් ෆලෝපාරක් දීගෙනම යන්න..
ඔබටත් කැරකෝපුවෙන් රියන් 4ක් වෙන්වෙලා නැද්ද?
දැන්ම කොමෙන්ට් එකක් මගින් ඔබේ අඩවියේ නම මෙහි පලකරන්න