Tuesday, February 23, 2016

හැමෝටම නොපෙනෙන සුදු ඇදගත් කාන්තාව.....

රාගම ඉඳන් තේවත්ත පැත්තට එද්දී තියෙනවා බටුවත්තට හැරෙන්න තියෙන හංදියක් ඕකට කියන්නේ කුරුස හංදිය කියලා.ඔය හරියේ රබර් වතු දෙකක් තියෙනවා දැන්නම් එකක රබර් ගස් ඔක්කොම කපලා.ඔන්න ඔය හරියේ මීට අවුරුදු තුනකට විතර උඩදී ඒ කියන්නේ 2009දී විවාහයට අකමැති වෙලා ගෑල්ලමයෙක් ඔය හරියෙම ලිඳකට පැනලා පණ ටික යවාගත්තා.

ඊට පස්සේ හරි අපූරු දේවල් තමයි ඔය හරියෙන් අහන්න ලැබුනේ.කුරුස හන්දියෙන් රෑ වෙලාවට ත්‍රී වීල් වලට ගෑනු කෙනෙක් නැගලා බටුවත්ත පැත්තට යන් කියනවලු.ත්‍රී වීල් එලවන අයත් දාගෙන ගියාම ඔය තරුණියගේ ගේ ගාවින් බැහැලා පොඩ්ඩක් ඉන්න කියලා ඇතුලට යනවලු හැබැයි ආයේ එන්නේ
පින්තූරය අන්තර් ජාලයෙන්..
නැහැලු.මුලින් මුලින් ගෙදරට කතා කරාම ගෙදර මිනිස්සු ඇවිත් ඒ තරුණිය මිය ගිය අයෙක් බව කිව්වම සමහර අය නම් ගොඩක් බය වෙලා.පස්සේ ඔය කියන හරියට රාගම ත්‍රී වීල් හයර් ගියෙත් නැහැ රෑට.


පස්සේ රබර් වත්ත අස්සෙන් ගෑනු කෙනෙක් අඩන සද්ද ඇහිලා තියෙනවා.ඔය ඔක්කොම මම එක එක්කෙනාගෙන් අහපු දේවල් එත් මගේ හිතවත් කෙනෙක්ටත් ඕකට මුහුණ දෙන්න සිද්ද වුණා.

ඒ මගේ තාත්තගේ යාලුවෙක් මිනිහා දවසක් වයිෆ්වත් දාගෙන ත්‍රී වීල් එකේ කුරුස හන්දියෙන් යද්දී වන්ගුව ගන්න ස්ලෝ කරද්දීම කවුද ගෑනු කෙනෙක් ඇතුලට නැගලා.වයිෆ් බය වෙලා කෑගහලා එත් මේ මනුස්සයා වයිෆ්ගේ කෑගැහිල්ලට හැරිලා බැලුවම කව්රුත් නැහැලු.එත් වයිෆ් කියනවලු මේ ඉන්නේ අනේ ඔයාට පෙන්නේ නැද්ද කව්ද මේ කියලා.ඊට පස්සේ දෙන්නම ත්‍රී වීල් එක අයිනෙන් නවත්වලා බැහැලා.

බැස්සට පස්සේ ගෑනු කෙනාටත් අර නැග්ග කෙනාව පෙනිලා නැහැ පස්සේ ඔය හරියේ මිනිස්සු ඔය හොල්මන් සීන් එක කිව්වම ගෑනු කෙනා එතනම සිහිය නැතුව වැටිලා.

ඊට පස්සේ ඔය හොල්මන් සීන් එක නැතුව ගියා.ඒ හොල්මනගේ අයියා ගුරුකමක් කරලා හොල්මනව අල්ලලා කියලා තමයි ආරංචි වුනේ.

ඒත් දැන් අවුරුදු තුනකට පස්සේ ආයෙත් මේක සිද්ද වෙනවා.ඒකත් මම ටිකක් දන්නා කෙනෙක්ට.එයා බිස්නස් වැඩකට දුර ගමනක් ගිහින් සේවකයෝ දෙන්නෙක් එක්ක පාන්දර එකට විතර බටුවත්තට ලොරිය හරවද්දී සුදු සාරියක් ඇදගත්තු ගෑනු කෙනෙක් ලොරිය පිටිපස්සෙන් යනවා සයිඩ් කන්නාඩියෙන් දැකලා.පස්සේ මෙයාලා තුන්දෙනාම ලොරිය ස්ලෝ කරලා හොඳට බැලුවම කව්රුත් නැහැල්ලු.කට්ටියම යන් කියලා හිතලා ඉස්සරහා බලද්දී පාරේ ඈත ඉඳන් ලොරිය දිහා බලන් ඉන්නවලු සුදු සාරියක් ඇදගත්තු ගෑනු කෙනෙක්.තුන්දෙනාම ටිකක් බය වෙලා ටික වෙලාවකින් ඒක නැතුව ගිහින්.

ඊට පස්සේ දවසක පොලිස් නිලධාරියෙක් පාන්දර 4ට ඔතනින් යද්දී දැකලා ජීන්ස් එකක් ඇදගත්තු ගෑල්ලමයෙක් එයාගේ ඉස්සරහින් යනවා.ඉතින් එයා මේ ගෑල්ලමයට කතා කරලා වෙලාව අහලා.ගෑල්ලමයත් පිටිපස්ස බලන්නේ නැතුවම එක පාරට හතරයි කිව්වලු.

පොලිස් නිලධාරියා මූණ බලන්න හිතාගෙන අඩිය ටිකක් ඉක්මන් කරලා මෙන්න මේ ගෑල්ලමයා දුවන්න පටන් අරන්.පොලිස් නිලධාරියාත් පස්සෙන් දුවලා.මේ ගෑල්ලමයා දුවගෙන දුවගෙන ගිහින් අර කිව්ව ලිඳට පැනලා.පොලිස් නිලධාරියා හොඳටම බය වෙලා කෑගහලා.අහල පහල ගෙවල් වල මිනිස්සු දෙතුන් දෙනෙක් දුවන් ඇවිත්.පොලිස් නිලධාරියා සිද්දිය මේ මිනිස්සුන්ට කිව්වම එක මිනිහෙක් කිව්වලු එයාගේ අම්මත් දවසක් ඕක දැකලා තියෙනවා කියලා.

මේ ලිපිය ලිව්වේ ඔය මැරුණයි කියන ගෑණු ළමයටවත් එයාගේ පවුලේ අයටවත් අපහාසයක් කෙරෙන්න හිතාගෙන නම් නෙවේ.මට කියන්න ඕන ඔය කියන හරියෙන් ඔයාලා කව්රු හරි බයික් වල ත්‍රී වීල් වල යනවා නම් රෑ වෙලාවට වෙන පාරක් බාවිතා කරන්න කියලා.මේ ලඟකදී ඔය සිද්දිය නිසා රාගම ත්‍රී වීල් එකක් රෑ හයර් එකක් ඇවිත් තේවත්තට පරංගියා කෝට්ටේ යනවා වගේ වෙන පාරවල් දාල 

මෙහි සම්පූර්න අයිතිය මාහට හිමි නොවේ  
මේක උපුටා ගත්ත එකක් ඈ .................................... 



කැරකෝප්පුවෙන් බ්ලොග් කියවමු

රංගන සහෝදරයා දැන් අදුනන්නේ නැති එකෙක් නැති තරම්..... හැබැයි මිනිහා බ්ලොග් එකක් පටන් ගත්තේ රසබර කතා ටිකක් අපිට කියන්න. නොදන්න එකෙක් ඉන්නවනම් මිනිහගේ පැලටත් වෙල්කම් කියලා එන්නෝ.....
<<මෙතනින් රින්ගන්න>>

රසික කියන්නේ අපිට වැලහිච්ච තවත් අ නා බ්ලොග් කරුවෙක්.. ඔහුට හදා ගන්න දේවල් කිහිපයකුත් තියෙනවා. ලිවිල්ල ගෙනනම් කියලා වැඩක් නෑ.... සිරාවටම සුපිරියි. උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් සිරාවට උදව්වක් කලොත් ලොකු පිනක්......
<<මෙතනින් රින්ගන්න>>

මනසවිල කියන්නේත් ආදරය,ජීවිතය ගෙන  ගොඩක් හිතන්න පුලුවන් තැනක්.  ගිහිල්ලා බලලා විනෝද වෙලා එමුකෝ. මේක ලියන්නේ තරූ.. ගිහිපු නැති අය ඒ පැත්තටත් ගොඩ වෙලා සැප දුක බලලා 
එමුකෝ.....


ප.ලි.
කැරකෝප්පුවේ යල්පැන ගිය පරන මුහුනත් තහඩුවට අලුත් මුහුනක් එක් කරදුන් අපේ කටු අකුලේ ලයියා[ළහිරු සහොදරයට] ට කොහොම ස්තුති කරන්න මන්දා.
ලයියා උබට මගේ හදපිරි මෙව්වා එක....

Thursday, February 18, 2016

පූස් හොල්මන....

පින්තූරය අන්තර්ජාලයෙන්
මේ මම කියන්න යන්නේ මා අත්විදි සත්‍ය හොල්මන් කතාවක්... 
...
...
...
මම පාසල් යන අවධියේ නැවතී සිටියේ බෝඩිමක. ඇත්තට ම මේක විශාල ගෙයක්. 

මේ ගෙදර තියෙනවා එක කාමරයක්... ඊට අවුරුදු ගාණකට කලින් ඒ නිවසේ මිය ගිය ආච්චි කෙනෙක් එම්බාම් කරලා තියෙන්නේ ඒ කාමරේ. ඉතින් එනිසා ඒ කාමරේට යන්න කව්රු කව්රුත් බය යි... විශේෂයෙන් රැට... ඒකට හේතුවකුත් තිබුණා... ඒ තමයි එහි තිබුණු විදුලි 
බල්බය හිටි හැටියෙ ම ඔෆ් වෙන එක... ඒ නිසා කව්රු කව්රුත් ඒ කාමරේට යන්න ගොඩාක් බය යි.. සමහර අවස්ථාවල රාත‍්‍රියේ ඒ කාමරයට ගියපු සමහරු ලයිට් එක ඔෆ් වුණා කියලා කෑ ගහගෙන එළියට දුවගෙන එනවා...

මම ඉතින් මිනිස්සුන්ට හැරෙන්නට අමනුස්ස කියලා කට්ටිය හදුන්වන අයට බය නැති නිසා ඔය කාමරේ ම ඉල්ලා ගත්තා...

ඉතින් මම රැට ඔය කාමරයේ තනිය ම තමයි නිදා ගන්නේ...

මම ඉන්න සමහර වෙලාවටත් ඔය කාමරයේ විදුලි බල්බය ඉබේ ඔෆ් වුණා... කොහොම හරි එක දවසක් මම නිදාගෙන ඉන්න වෙලාවක මාර ම වැඩක් වුණා...

ඒ කාමරේ ජනේලයේ පියන් තිබුණෙත් නැහැ... නිකං ග‍්‍රිල් එකක් ගහලා ජනෙල් රෙද්දක් දාලා තමා තිබුණේ...

පාන්දර 2-3ට විතර වෙන්න ඇති...

කිසියම් සිද්ධියක් නිසා මට ඒ වෙලාවේ ඇහැරිලා හිටියේ... එක පාරට ම වගේ අමුතු හුළඟක් ආවා වගේ මට දැනුනා...

මම ජනෙලේ දිහා බැලූවා... එතකොට ම මම දැක්කා ජනෙලේ රෙද්ද එක තැනකින් ඉස්සී ඇති බව...

නිදිමරගාතේ හිටපු මම ඇසිපිය හොදට ඇරලා ඒ නැවත දිහා බැලූවා... ඇත්තටම කව්රු හෝ අතදාගෙන ඉන්නවා වගේ හොදට පෙනෙන්න ගත්තා...

මටත් හීං දාඩිය එහෙමත් දාන්න ගත්තා...

තව මොහොතක් එහෙම ම කාලේ ගෙවුණා...

එක පාරට ම යමෙක් ඒ ජනෙල් කූරු අතරින් ඇදට පැන්නා... මට මුත‍්‍රා පහ නොවුණු එක විතරයි...
.
.
.
.
.
.
.
.
බුදු අම්මෝ... පූසෙක්....
...
...
ආ... අනිත් දේ තමයි ලයිට් එක ඔෆ් වෙන එකත් පසුව නැතිව ගියා.. ඒ මම කැඞී තිබුණ හොල්ඩර් එක ඉවත් කර අලූත් හොල්ඩර් එකක් දැම්මාට පස්සෙයි...


ප.ලි.
මෙය උපුටාගත් කතාවක් බව සලකන්න..ගත්තේ....මෙතනින්..


~බ්ලොග් කියවනය~

මාගේ දිනපොත ලෙස පටන් ගත් බ්ලොග් එක ඒ නම වෙනස් කලා....නම වෙනස් කිරීමෙන් ඉතා අපල කාලයක් ලැබූ මේ බ්ලොග් අඩවිය. මේ අවුරුද්දට කිසිම පෝස්ට් එකක් නොදැමූ එම බ්ලොග් අඩවිය ඊයේ අපල කාලය නිම කරමින් අලුත් පෝස්ට් එකක් දැම්මා. නම වෙනස් කිරීමෙන් බොහෝ දෙනෙකුට වැලහුනු ඒ බ්ලොග් අඩවියට යන්න. මෙතනින් (මෙතූගේ බ්ලොග් කොටය).....

2013 බ්ලොග් කලාවට අවතීර්ණ වූ ලයියා සහෝදරයා.. වැඩි කල් නොගොස්ම බ්ලොග් කලාවට සමුදුන්නේය... ඒත් ඒ තාවකාලික සමුදීමක් කරමින් එම සහෝදරයා නැවතත් බ්ලොග් කලාවට අවතීර්ණ විය ගොඩක් අය අදුරනවත් ඇති... ගිහිල්ලාම බලාපල්ලා කවුද මූ කියලා.. කටු අකුල...