Tuesday, February 23, 2016

හැමෝටම නොපෙනෙන සුදු ඇදගත් කාන්තාව.....

රාගම ඉඳන් තේවත්ත පැත්තට එද්දී තියෙනවා බටුවත්තට හැරෙන්න තියෙන හංදියක් ඕකට කියන්නේ කුරුස හංදිය කියලා.ඔය හරියේ රබර් වතු දෙකක් තියෙනවා දැන්නම් එකක රබර් ගස් ඔක්කොම කපලා.ඔන්න ඔය හරියේ මීට අවුරුදු තුනකට විතර උඩදී ඒ කියන්නේ 2009දී විවාහයට අකමැති වෙලා ගෑල්ලමයෙක් ඔය හරියෙම ලිඳකට පැනලා පණ ටික යවාගත්තා.

ඊට පස්සේ හරි අපූරු දේවල් තමයි ඔය හරියෙන් අහන්න ලැබුනේ.කුරුස හන්දියෙන් රෑ වෙලාවට ත්‍රී වීල් වලට ගෑනු කෙනෙක් නැගලා බටුවත්ත පැත්තට යන් කියනවලු.ත්‍රී වීල් එලවන අයත් දාගෙන ගියාම ඔය තරුණියගේ ගේ ගාවින් බැහැලා පොඩ්ඩක් ඉන්න කියලා ඇතුලට යනවලු හැබැයි ආයේ එන්නේ
පින්තූරය අන්තර් ජාලයෙන්..
නැහැලු.මුලින් මුලින් ගෙදරට කතා කරාම ගෙදර මිනිස්සු ඇවිත් ඒ තරුණිය මිය ගිය අයෙක් බව කිව්වම සමහර අය නම් ගොඩක් බය වෙලා.පස්සේ ඔය කියන හරියට රාගම ත්‍රී වීල් හයර් ගියෙත් නැහැ රෑට.


පස්සේ රබර් වත්ත අස්සෙන් ගෑනු කෙනෙක් අඩන සද්ද ඇහිලා තියෙනවා.ඔය ඔක්කොම මම එක එක්කෙනාගෙන් අහපු දේවල් එත් මගේ හිතවත් කෙනෙක්ටත් ඕකට මුහුණ දෙන්න සිද්ද වුණා.

ඒ මගේ තාත්තගේ යාලුවෙක් මිනිහා දවසක් වයිෆ්වත් දාගෙන ත්‍රී වීල් එකේ කුරුස හන්දියෙන් යද්දී වන්ගුව ගන්න ස්ලෝ කරද්දීම කවුද ගෑනු කෙනෙක් ඇතුලට නැගලා.වයිෆ් බය වෙලා කෑගහලා එත් මේ මනුස්සයා වයිෆ්ගේ කෑගැහිල්ලට හැරිලා බැලුවම කව්රුත් නැහැලු.එත් වයිෆ් කියනවලු මේ ඉන්නේ අනේ ඔයාට පෙන්නේ නැද්ද කව්ද මේ කියලා.ඊට පස්සේ දෙන්නම ත්‍රී වීල් එක අයිනෙන් නවත්වලා බැහැලා.

බැස්සට පස්සේ ගෑනු කෙනාටත් අර නැග්ග කෙනාව පෙනිලා නැහැ පස්සේ ඔය හරියේ මිනිස්සු ඔය හොල්මන් සීන් එක කිව්වම ගෑනු කෙනා එතනම සිහිය නැතුව වැටිලා.

ඊට පස්සේ ඔය හොල්මන් සීන් එක නැතුව ගියා.ඒ හොල්මනගේ අයියා ගුරුකමක් කරලා හොල්මනව අල්ලලා කියලා තමයි ආරංචි වුනේ.

ඒත් දැන් අවුරුදු තුනකට පස්සේ ආයෙත් මේක සිද්ද වෙනවා.ඒකත් මම ටිකක් දන්නා කෙනෙක්ට.එයා බිස්නස් වැඩකට දුර ගමනක් ගිහින් සේවකයෝ දෙන්නෙක් එක්ක පාන්දර එකට විතර බටුවත්තට ලොරිය හරවද්දී සුදු සාරියක් ඇදගත්තු ගෑනු කෙනෙක් ලොරිය පිටිපස්සෙන් යනවා සයිඩ් කන්නාඩියෙන් දැකලා.පස්සේ මෙයාලා තුන්දෙනාම ලොරිය ස්ලෝ කරලා හොඳට බැලුවම කව්රුත් නැහැල්ලු.කට්ටියම යන් කියලා හිතලා ඉස්සරහා බලද්දී පාරේ ඈත ඉඳන් ලොරිය දිහා බලන් ඉන්නවලු සුදු සාරියක් ඇදගත්තු ගෑනු කෙනෙක්.තුන්දෙනාම ටිකක් බය වෙලා ටික වෙලාවකින් ඒක නැතුව ගිහින්.

ඊට පස්සේ දවසක පොලිස් නිලධාරියෙක් පාන්දර 4ට ඔතනින් යද්දී දැකලා ජීන්ස් එකක් ඇදගත්තු ගෑල්ලමයෙක් එයාගේ ඉස්සරහින් යනවා.ඉතින් එයා මේ ගෑල්ලමයට කතා කරලා වෙලාව අහලා.ගෑල්ලමයත් පිටිපස්ස බලන්නේ නැතුවම එක පාරට හතරයි කිව්වලු.

පොලිස් නිලධාරියා මූණ බලන්න හිතාගෙන අඩිය ටිකක් ඉක්මන් කරලා මෙන්න මේ ගෑල්ලමයා දුවන්න පටන් අරන්.පොලිස් නිලධාරියාත් පස්සෙන් දුවලා.මේ ගෑල්ලමයා දුවගෙන දුවගෙන ගිහින් අර කිව්ව ලිඳට පැනලා.පොලිස් නිලධාරියා හොඳටම බය වෙලා කෑගහලා.අහල පහල ගෙවල් වල මිනිස්සු දෙතුන් දෙනෙක් දුවන් ඇවිත්.පොලිස් නිලධාරියා සිද්දිය මේ මිනිස්සුන්ට කිව්වම එක මිනිහෙක් කිව්වලු එයාගේ අම්මත් දවසක් ඕක දැකලා තියෙනවා කියලා.

මේ ලිපිය ලිව්වේ ඔය මැරුණයි කියන ගෑණු ළමයටවත් එයාගේ පවුලේ අයටවත් අපහාසයක් කෙරෙන්න හිතාගෙන නම් නෙවේ.මට කියන්න ඕන ඔය කියන හරියෙන් ඔයාලා කව්රු හරි බයික් වල ත්‍රී වීල් වල යනවා නම් රෑ වෙලාවට වෙන පාරක් බාවිතා කරන්න කියලා.මේ ලඟකදී ඔය සිද්දිය නිසා රාගම ත්‍රී වීල් එකක් රෑ හයර් එකක් ඇවිත් තේවත්තට පරංගියා කෝට්ටේ යනවා වගේ වෙන පාරවල් දාල 

මෙහි සම්පූර්න අයිතිය මාහට හිමි නොවේ  
මේක උපුටා ගත්ත එකක් ඈ .................................... 



කැරකෝප්පුවෙන් බ්ලොග් කියවමු

රංගන සහෝදරයා දැන් අදුනන්නේ නැති එකෙක් නැති තරම්..... හැබැයි මිනිහා බ්ලොග් එකක් පටන් ගත්තේ රසබර කතා ටිකක් අපිට කියන්න. නොදන්න එකෙක් ඉන්නවනම් මිනිහගේ පැලටත් වෙල්කම් කියලා එන්නෝ.....
<<මෙතනින් රින්ගන්න>>

රසික කියන්නේ අපිට වැලහිච්ච තවත් අ නා බ්ලොග් කරුවෙක්.. ඔහුට හදා ගන්න දේවල් කිහිපයකුත් තියෙනවා. ලිවිල්ල ගෙනනම් කියලා වැඩක් නෑ.... සිරාවටම සුපිරියි. උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් සිරාවට උදව්වක් කලොත් ලොකු පිනක්......
<<මෙතනින් රින්ගන්න>>

මනසවිල කියන්නේත් ආදරය,ජීවිතය ගෙන  ගොඩක් හිතන්න පුලුවන් තැනක්.  ගිහිල්ලා බලලා විනෝද වෙලා එමුකෝ. මේක ලියන්නේ තරූ.. ගිහිපු නැති අය ඒ පැත්තටත් ගොඩ වෙලා සැප දුක බලලා 
එමුකෝ.....


ප.ලි.
කැරකෝප්පුවේ යල්පැන ගිය පරන මුහුනත් තහඩුවට අලුත් මුහුනක් එක් කරදුන් අපේ කටු අකුලේ ලයියා[ළහිරු සහොදරයට] ට කොහොම ස්තුති කරන්න මන්දා.
ලයියා උබට මගේ හදපිරි මෙව්වා එක....

Thursday, February 18, 2016

පූස් හොල්මන....

පින්තූරය අන්තර්ජාලයෙන්
මේ මම කියන්න යන්නේ මා අත්විදි සත්‍ය හොල්මන් කතාවක්... 
...
...
...
මම පාසල් යන අවධියේ නැවතී සිටියේ බෝඩිමක. ඇත්තට ම මේක විශාල ගෙයක්. 

මේ ගෙදර තියෙනවා එක කාමරයක්... ඊට අවුරුදු ගාණකට කලින් ඒ නිවසේ මිය ගිය ආච්චි කෙනෙක් එම්බාම් කරලා තියෙන්නේ ඒ කාමරේ. ඉතින් එනිසා ඒ කාමරේට යන්න කව්රු කව්රුත් බය යි... විශේෂයෙන් රැට... ඒකට හේතුවකුත් තිබුණා... ඒ තමයි එහි තිබුණු විදුලි 
බල්බය හිටි හැටියෙ ම ඔෆ් වෙන එක... ඒ නිසා කව්රු කව්රුත් ඒ කාමරේට යන්න ගොඩාක් බය යි.. සමහර අවස්ථාවල රාත‍්‍රියේ ඒ කාමරයට ගියපු සමහරු ලයිට් එක ඔෆ් වුණා කියලා කෑ ගහගෙන එළියට දුවගෙන එනවා...

මම ඉතින් මිනිස්සුන්ට හැරෙන්නට අමනුස්ස කියලා කට්ටිය හදුන්වන අයට බය නැති නිසා ඔය කාමරේ ම ඉල්ලා ගත්තා...

ඉතින් මම රැට ඔය කාමරයේ තනිය ම තමයි නිදා ගන්නේ...

මම ඉන්න සමහර වෙලාවටත් ඔය කාමරයේ විදුලි බල්බය ඉබේ ඔෆ් වුණා... කොහොම හරි එක දවසක් මම නිදාගෙන ඉන්න වෙලාවක මාර ම වැඩක් වුණා...

ඒ කාමරේ ජනේලයේ පියන් තිබුණෙත් නැහැ... නිකං ග‍්‍රිල් එකක් ගහලා ජනෙල් රෙද්දක් දාලා තමා තිබුණේ...

පාන්දර 2-3ට විතර වෙන්න ඇති...

කිසියම් සිද්ධියක් නිසා මට ඒ වෙලාවේ ඇහැරිලා හිටියේ... එක පාරට ම වගේ අමුතු හුළඟක් ආවා වගේ මට දැනුනා...

මම ජනෙලේ දිහා බැලූවා... එතකොට ම මම දැක්කා ජනෙලේ රෙද්ද එක තැනකින් ඉස්සී ඇති බව...

නිදිමරගාතේ හිටපු මම ඇසිපිය හොදට ඇරලා ඒ නැවත දිහා බැලූවා... ඇත්තටම කව්රු හෝ අතදාගෙන ඉන්නවා වගේ හොදට පෙනෙන්න ගත්තා...

මටත් හීං දාඩිය එහෙමත් දාන්න ගත්තා...

තව මොහොතක් එහෙම ම කාලේ ගෙවුණා...

එක පාරට ම යමෙක් ඒ ජනෙල් කූරු අතරින් ඇදට පැන්නා... මට මුත‍්‍රා පහ නොවුණු එක විතරයි...
.
.
.
.
.
.
.
.
බුදු අම්මෝ... පූසෙක්....
...
...
ආ... අනිත් දේ තමයි ලයිට් එක ඔෆ් වෙන එකත් පසුව නැතිව ගියා.. ඒ මම කැඞී තිබුණ හොල්ඩර් එක ඉවත් කර අලූත් හොල්ඩර් එකක් දැම්මාට පස්සෙයි...


ප.ලි.
මෙය උපුටාගත් කතාවක් බව සලකන්න..ගත්තේ....මෙතනින්..


~බ්ලොග් කියවනය~

මාගේ දිනපොත ලෙස පටන් ගත් බ්ලොග් එක ඒ නම වෙනස් කලා....නම වෙනස් කිරීමෙන් ඉතා අපල කාලයක් ලැබූ මේ බ්ලොග් අඩවිය. මේ අවුරුද්දට කිසිම පෝස්ට් එකක් නොදැමූ එම බ්ලොග් අඩවිය ඊයේ අපල කාලය නිම කරමින් අලුත් පෝස්ට් එකක් දැම්මා. නම වෙනස් කිරීමෙන් බොහෝ දෙනෙකුට වැලහුනු ඒ බ්ලොග් අඩවියට යන්න. මෙතනින් (මෙතූගේ බ්ලොග් කොටය).....

2013 බ්ලොග් කලාවට අවතීර්ණ වූ ලයියා සහෝදරයා.. වැඩි කල් නොගොස්ම බ්ලොග් කලාවට සමුදුන්නේය... ඒත් ඒ තාවකාලික සමුදීමක් කරමින් එම සහෝදරයා නැවතත් බ්ලොග් කලාවට අවතීර්ණ විය ගොඩක් අය අදුරනවත් ඇති... ගිහිල්ලාම බලාපල්ලා කවුද මූ කියලා.. කටු අකුල...

Saturday, February 13, 2016

සතියම, දන්නේ නැත්නම් සිංඩි ටිකක්.....

ගස් ලබ්බා සහ ලබු පලුව (පින්තූරය හොරෙන්ම ඉස්සුවේ විචා මාමාගේ බ්ලොග් එකෙනි)
ඔන්න මුලින්ම ලබු යුවලට ඒකත් ජය සිරි මංගලම් කියලා කැරකෝප්පුවෙන් පහුවෙලා හරි සුභ පැතුවා. කාට හරි සුභ පතන්න බැරි උනානම් කනගාටු වෙන්න එපා පහල ලින්ක් වල තියෙන ඕනම එකකට ගිහිල්ලා සුභ පතලා වර...

මෙන්න අපේ විචාරක මාමගේ සුභ පැතුමත් එක්ක විස්තරේ....
මෙතනින් යන්න මුන්ගේ මුහුනත් තහඩු ටිකත් බලාගත හැකි.

විචා තියා කාටවත් සෙකන්ඩ් වෙන්නේ නැති ඩ්‍රැකියුලාත් ඔන්න පුරාජේරුව දාලා..
බලාපල්ලා මුංගේ වැඩ

අපේ කුරුටු සෙට් එකේ ඈයෝත් සුභ මංගලම් කිව්වලු.
කුරුට්ටන්ගේ සුභ පැතුම

මේ සතියේ අපේ සිංඩියටත් අලුතින් කිහිප පොලක් එකාසු උනා මේ උන් සෙට් එක..

•කුකුළා...
බ්ලොග් ලෝකෙට නැතුව හිටය එකෙක් තමයි කුකුලෙක්, ඕන තරම් කුකුලෝ හිටියා ඒත් උන්ට අපි විතරයි කුකුලෝ කියන්නේ.. ඔන්න ඉතින් මූනටම දමලා ගහලා කුකුලා කියන්න පුලුවන් එකෙක් අපිටත් හම්බ උනා..
කුකුළාගේ කොටුව ලියන මේ සහෝදරයා තමන්ට අත් විදින්න පුලුවන් වූ සුන්දර අත්දැකීම් අපිට කියන්නේ කිසිම ලෝභ කමක් නැතුව. අපිට තියෙන්නේ ලෝභ කමක් නැතුව බලන්න.
මොකද කියන්නේ යනවද ඒ පැත්තට.....
මෙන්න.. කුකුළාගේ කොටුව

•හෙල්මලු...
අපිට එකතුවුනේ මේ සතියේ  උනාට දීර්ඝ කාලීන බ්ලොග් කරුවෙක් ලියන තමන්ගේ ගමේ විස්තර කිසිදු වෙනසක් නොකර අපිට කියන්නේ.. බොහෝ දෙනෙක් මොහුව අදුරනවා ඇති...
ගිහිපු නැති අයට

•ද බොස්
නම බර උනාට ලස්සන අකුරුවලින් කවි ගොතලා ඉදිරිපත් කරන කෙල්ලෙක්.
ලොක්කාගේ පැල්පත නමට ගැලපෙන අපූරු නිර්මාණ...

•රාජමුනි
බ්ලොග් ලෝකේ පරම්පරාවක් හදාගෙන ඉන්න පරපුරක්. සිතුවමින් අපි අදුරගත් අපූරු මල් ලියන මෙත්මාගෙත් නමුනුකුලින් එන භාගයාගෙත් සහෝදරයෙක් ලියන අඩවියක් තමයි. ගිහිල්ලා බලන්නකෝ කොල්ලගේ වැඩapi thopi...
ආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා මිනිහාගේ හොදම යාලුවා හැමෝටම වැදගත් අඩවියක් කරගෙන යනවා.rukaa ඒකටත් ගිහිල්ලා බලමුද..

•අපේ රස්ති සහෝදරයා ලියනවා දේශපාලනය ගෙන හිතට වදින්නම ගිහිපු නැති අය ඒකටත් යමු නේ.. අඩව්ව බy

•හිතුවක්කාරී..
ඒ ඉස්සෙල්ලා ඒකිත් ගිය සතියේ නම වෙනස් කලා ගිම්මි කියලා මග හැරුනු කෙනෙක් ඉන්නවනම් යමු නේ ඒ පැත්තේ...ගිම්මිගේ කොලම ඔන්න අලුත් නම

•ඇස්ටොනිෂ්
ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් කතා තමයි මෙයා ලියන්නේ..සිනහා කදුලු

•තාරා...
හිතට දැනෙන හැම දෙයක්ම කුරුටු ගාන කෙනෙක්. මේ අවුරුද්දක් ඇරඹන අඩවියක්.තාරාගේ නවාතැන ගිහිල්ලා බලන්න.

කිහිප දෙනෙක් දන් නැති නිසා ඔන්න සිංඩි ටිකක්. ඔබත් දන්න ඒවා තියෙනවනම් එකතු කරන්න.

http://atampahiya.blogspot.com අටම්පහුර

http://kurutugegeepawra1.blogspot.com  කුරුටු සිංඩිය

http://blogpower.info බ්ලොග් පවර්

http://ambagaha.blogspot.com අඹ ගහ යට

http://api-apita.blogspot.com අපි අපිට

http://sndilanka.blogspot.com සිංඩි ලංකා

http://isawwasindiya.tk ඉසව්ව සිංඩිය

http://blog.sinhalabloggers.com සිංහල බ්ලොගර්

http://avakashaya.blogspot.com අවකාශය

http://i-am-a-blog-reader.blogspot.com මම බ්ලොග් කියවන්නෙක්මි.

http://blogpotha.blogspot.com බ්ලොග්පොත

http://vimane.com විමානේ

http://bloglistlk.blogspot.com බ්ලොග් ලිස්ට්

http://kiyawanna.com කියවන්න

http://sinhalayasindiya.blogspot.com සිංහලයා සිංඩිය

http://akurasyndiya.tk අකුර සිංඩිය

http://karakoppuwa.blogspot.com කැරකෝප්පුව

http://maathalangesindiya.blogspot.com මාතලන්ගේ සිංඩිය

http://nohimsithuwili.blogspot.com නොහිම් සිතුවිලි

http://kottu.org කොත්තු

http://blogdharshakaya.blogspot.com  අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය

http://blogporomo.blogspot.com ආයදුනික බ්ලොග් කරුවන්ගේ නවාතැන

http://kuweni1.blogspot.com තිඹිරි ගෙය

ප.ලි.
වැලන්ටයින් දවසට වෙනම සුභ පැතුම් නෑ.. ඔන්න ඒකත් අදම.
සමහර සිංඩි ඔබව ඉක්මනින් ඇඩ් කරගත්තද සමහර ඒවාට ඔබව ඇඩ් කරගැනීමට කලක් ගතවේ...

Tuesday, February 9, 2016

සිරිසේන ගොයියා..

ඔන්න අපේ සිංඩියට පොටෝ එකකුත් හැදුවා බොලන්

මේ කතාව ගෙතිලා තියෙන්නේ අපේ අල්ලපු ගමේ සිරිසේන මාමා වටා..කව්රුහරි අපේ සිරිසේන ජනාදිපතිතුමා ගෙන කතා කරනවයි කියලා කැරකෝප්පුව පැත්තට ගොඩ වුනානම් සමාවෙන්ට....

අපේ සිරිසේන ගොයියව අපි හරියට අදුරගත්තේ අපි ස්කෝලේ යනවුන් කාලේ. හැමදාම උදේට සිරිසේන මාමා අක්කලා දෙන්නත් එක්ක ස්කෝලේ ළගට ඇවිල්ලා අක්කලා දෙන්නව ස්කෝලෙට දාලා යනවා. ඒ දෙන්නව ගන්න හවසටත් එන්නේ සිරිසේන මාමමයි. මාමට බයිසිකල් පදින්නත් බෑ.. අර ගිනිකූටක අව්වේ පිච්චි පිච්චි යනකොට අපිටත් දුක හිතෙනවා. දුක හිතෙන අපිත් තොප්පියක්වත් නැතුවම යන්නේ ඒ අව්වේ...

කෙල්ලෝ දෙන්නා හින්දා සිරිසේන මාමට වැඩකට යන්නවත් විදියක් නෑ.. මොකද අපේ ස්කෝලේ තිබුණු පැත්ත එච්චර හොද තැනක් නොවීම හා කෙල්ලෝ දෙන්නට මාමා ගොඩක් ආදරේ කිරීම. අම්මත් නැති දරුවෝ දෙන්නනේ. ආ මට ඉස්සෙල්ලා කියන්න බැරි උනානේ.... සිරි මාමාගේ වයිෆ්(මායියා) දරුවෝ දෙන්නා පොඩි කාලෙදිම වෙන මිනිහෙක් එක්ක පැනලා ගිගිහිල්ලා. කොහේට ගියාද කියලා මම තියා මිනිහාවත් දන්නෑ....

ජීවන වියදමත් වැඩි වීමත් එක්ක සිරි මාමට පවුල නඩත්තු කරගැනීමට අසීරු තත්වයකට පත් වෙනවා. මෙතෙක් දවසක් පාසලේ කැපී පෙනෙන ළමයි දෙන්නෙක් ලෙස පාසලට පැමිණි අර කෙල්ලෝ දෙන්නා ටික ටික පාසලේ අපිරිසිදුම ළමයි දෙන්නා බවට පත්වෙන්න වැඩි කාලයක් ගත වුනේ නෑ..

ඔය කාලේ සිරි මාමට මහසෝනා ගහලා කියලා අපිට ආරන්චි වුනා. කොහොම ගැහැව්වද කියලා මම දන්නෑ ඒ දවස් වල ඕවා ගෙන හොයන්න මට මාර ඇම්මක් තිබුනා. ඒත් හෝඩුවාවක් හොයා ගන්න බැරිවුනා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා අම්මාගෙන් ඇහැව්වා. අම්මා කිව්වා ඕවා ගෙන හොයන්න එපා හෙව්වොත් මහසෝන් දිශ්ටිය මගේ පස්සෙන් එනවා කියලා. ඒක නිසා ඒක හොයන එක අත ඇරලම දැම්මා. මොනවා කරන්නද මහසෝන් මලයා පස්සෙන් ආවොත්...

සිරි මාමා පිස්සුවෙන් වගේ කෑ මොර දෙන්න පටන් ගත්තා. ගෙදරත් ඉන්නේ අර කෙල්ලෝ දෙන්නා විතරයිනේ. උන්දෙන්නා දන්න දෙයක්‍යැ. මට ගිහින් කරන්න පුලුවන් දෙයක් තියෙයි. ඊට මාසෙකට පස්සේ අර කෑ කෝ ගහන එක නැවතුනා ඒත් මිනිහට පිස්සු. එක කෙල්ලෙක් ස්කෝලේ යන එක නවත්තලා ගාමට් යන්න පටන් ගත්තා. ඊට මාසෙකට පස්සේ පොඩි කෙලීත් ස්කෝලේ යන එක නැවෙත්තුවේ ස්කෝලේ එවුන් උබේ තාත්තා පිස්සුට කියලා කියන හින්දා....

ඔහොම මාසයක් විතර ගියා. සිරි මාමා වැඩිය එලිය පහලට බහින්නෙත් නෑ. පිස්සු ගතිය  නම් පොඩ්ඩක් විතර අඩුයි. දවසක් මහ රෑ සිරි මාමා නැගිටලා තියෙන්නේ හොදටම මූ‍ත්‍රා බරක් හැදිලා. වෙනදා පුරුද්දටම සිරි මාමා උලුවස්ස ළගට ගිහිල්ලා පයිපේ අල්ලන ගමන් "අද තරු එකක්වත් පායලා නෑනේ"  මාසේ පෝයක් වෙන්නැති කියලා අදට ගිහිල්ලා නිදාගෙන. 

උදේ නැගිටලා බැලින්නම් සිරි මාමා මූත්‍රා කරලා තියෙන්නේ අල්මාරියේ දොර ඇරලා... 

සිරි මාමා ඊට මාස කිහිපයකට පස්සේ අපෙන් සමුගත්තා. මැරෙනතාක් මිනිහාගේ පිස්සුව හොද වෙලා තිබුනේ නෑ. හැබැයි මිනිහට මහසෝනා ගැහැව්වද නැත්තනම් ආර්ථික අපහසුතාව නිසා පිස්සු හැදුනද කියලනම් දන්නෑ..

.............................................................................................

කැරකෝප්පුව,
ඕන් බොලන් අපේ සින්ඩියට රූප පොජ්ජක් එහෙම එකතුකලා.. බොලාලා ලියන හා අදුරන ගොයියන්ගේ අඩවි මෙහි නැත්නම් කියලා යනවනම් ලොකු උදව්වක් ගොයියෝ...
බොලාලටත් පුලුවන් සිංඩියට පොඩි සහයෝගයක් දෙන්න ඒත් අපි ලග ජාවා ස්කීප් එහෙම නෑ.. සහයෝගයක් දෙන්න කැමතිනම් සිංඩියේ පහල තියෙන රූපය භාවිතා කරන්න. දන්නේ නැති එවුන් පහල තියෙන උපදෙස් මාලාව කියවලා දාගන්න.
ඔබ ලබා දුන් සහයෝගයට බොහොමත්ම ස්තුතියි!!!

මට කියවන්න
ඔබේ අඩවියත්.

ප.ලි.
උඩින් ලියපු කතාව ඇත්තම කතාවක්. හොල්මන් කතා තව කිහිපයක් තියෙනවා දාන්න කතාවලට එන්ටර් විය යුතු ආකාරය මේ දවස්වල හොය හොය ඉන්නවා. ඉක්මනටම ඒ කතාටිකත් දාන්නම්.
කතාව කියවලා ලබාදුන් සහයෝගයට ස්තුතියි!!!

Monday, February 1, 2016

හෆීල්ගේ සෙවනැලි හොල්මන...

පින්තූරය අන්තර් ජාලයෙන්

සාමාන්‍යයෙන් හොල්මන් කතා වලට කැමති බොහෝ මිනිස්සු මම අනන්තවත් දැක ඇත. ඒ බොහොමයක් අය හොල්මන් කතා,අවතාර වලට කැමත්තක් දක්වන්නේ ඒවාට ඇති බිය හා කුතුහලය නිසාය. එවන් අය සදහා තමයි මම මේ ලියන්නේ...මේවාට කැමති නැති අයත් අති කියලා මම හිතනවා.මේ මගින් සමාජයට අයුතු මතයක් දීමට බලාපොරොත්තු නොවෙන බව කරුණාවෙන් සලකන්න. අතිශය විනෝදය සදහා පමණක් මෙය ලියාගෙන යන්නේ.

මායි තිසරයි කවිදුයි ගිය වෙසක් එකට වෙසක් කූඩු හදන්න පන්සල් ගියා. දහම් පාසලේ වෙසක් කූඩු තරගෙට අපි තුන් දෙනාත් කූඩුවක් හදන්න තමයි පන්සලට ගියේ හෙට වෙසක් පෝය නිසා ඊට කලින් කූඩුව කොහොම හරි හදාගන්නත් ඕන.අපි තුන්දෙනා රෑ අට විතර වෙනකොට කූඩුව හදලත් එවර නෑ. අපිට ප්‍රතිවිරුද්ධ පාර්ශව කිහිපයක්ම කූඩු හදලා ගියා. අපි තුන්දෙනා හැරුනම ඉතිරි උනේ තව දෙන්නයි උන් දෙන්න කූඩුව හදලා එවරයි ඒත් යන්නේ නෑ.අපි තුන්දෙනා උන්ගේ කූඩුවට ගේම දෙයි කියලා බයට..අපේ වැඩත් දන්නවනේ ඉතින්. දැන් රෑ දහයත් පහුයි. අපි යන්නේ නෑනේ අරුන් තුන්දෙනත් ගියා ගෙදර. අපිත් ආතල් එකේ හොල්මන් කතා අරව මෙව්ව කියකිය කූඩුව හැදුවා. අපි සෙට් එක කූඩුව හදලා ඉවර වෙනකොට රෑ දොලහත් පහුයි. 
"යමන් බන් ගෙදර මටනම් නිදිමතේ ඉන්නත් බෑ" තිසරය කන් කෙදිරි ගාන්න පටන් ගත්තා.

"ඔව්  බන් හෙට උදේ පාන්දර ඇවිල්ලා අලවමු හවසටනේ තරගේ තියෙන්නේ..."

"නෑ..බන් අපි මෙහේ රෑ ඉදලා අලවමු බන්...එතකොට ලේසියිනේ..." මං වෙනස් මතයක හිටියා.

"උබ මෙහේ ඉදපන්.....
මේ මගුලේ ඉන්න පුලුවන්ද..." මුන් දෙන්නම මට හරස් විය.

"හා..හා..කෑනොගහ පලයන්"
  
තුන්දෙනාත් එකක් පන්සලෙන් එනකොට රෑ දොලහාමාරත් පසු වී තිබුණි. අපි පන්සල ළග වංගුවට එනවිට අයියලා සෙට් එකක් අඩිය ගහනවා.

ආ....මල්ල්ලිලා...කොහෙද මේ...පන්සල් ගියාද" සුද්ද්‍යියා ඇහුවේය.
ඔව් බන් අයියේ අපි පන්සල් ගියා."

"බලාගෙන පලයල්ලා...මුස්ලිම් කඩේ ළග ගෙදර හෆීල් හිටියා..."
"අනේ පලයන් යන්න බන් කෙබ්බ ගහන් නැතුව."
තිසරයාගේ මූණනම් ටිකක් අවුල් වගේ..

"මොකෝ බන් තිසර.."
"මටනම් දැන් මොකක්ද මොකක්ද වගේ බන්....අපි පන්සලට ගිගින් නිදාගමුද?"
තිසරයා දැන් ලෙල්ල හුටන් වෙන්න බයවෙලා.
"තොට හොද වැඩේ මං කියන එක අහන් නැතුව ආවට"
"වාහේ තොට යන්න තියෙන්නෙත් මේ පාරෙන්ම තමයි" උගේ කතාව හරිය අපි තුන් දෙනාටම යන්න තියෙන්නේ මේ පාරෙන් තමයි.
පන්සල ළග හංදියට වෙනකම් මල ලතෝනි තිය තිය ආපු එකෙක්වත් දැන් නෑ... තුන්දෙනා එක්ක අඩිය ඉක්මන් කරලා ආවා. මුස්ලිම් කඩේ කිට්ටු වෙනකොට තුන්දෙනාගෙම ගමන බාල වුණා.  

"ඒ බන් මොකුත් පේනවද බලපන්"
"මොනවා පේන්නද තිත්ත පත කරුවලයි" අපි චෝච් එකක් තියා ෆෝන්  එකක්වත් අපි ළග තිබුනේ නෑ..  දවල්ට මහ ලොකු චන්ඩියා..තිසරයා අපිත් එක්ක ඉන්නවද කියලා අපිට තේරෙන්නෑ ඌ ඒ තරමටම සයිලන්ඩ්.
"මෙතෙන්ට වෙලා අල කන්නද යමන් බන් යන්න" කවිදුවා කියාගෙන ඉස්සර උනා.
ඒත් එක්කම වළාකුළු  වලට මුවා වෙලා තිබුණු හද එලිය එකපාරටම පාරට වැටුණා.
" ඒ බන් නැවතියන්"
"මොකෝ දැන් තමයි යන්න හොදම වෙලාව"
"ඒ..ඒ..බ..ලපන්. අතර අ...වතාරය" තිසරයා පෙන්නපු පැත්ත බැලුවා.. අම්මට සිරි ඇත්තනේ.... අවතාරයේ හෙවනැල්ල පාරට වැටිලා තියෙනවා.
දැන් මොකද කරන්නේ මචන්.."
"මොනවා කරන්නද හද එලිය යනකම්ම ඉන්න වෙනවා" කවිදුවාගේ කයියත් දැන් බැහැලා....
තුන්දෙනා එක්ක පාර අයියේ තාප්පෙට හේත්තුවෙලා. පැය  බාගයක් විතර බලාගෙන හිටියා හද එලියනම් යන පාටක්වත් නෑ.. මදුරුවොත් කනවා. නිදිකිර හිටපු අපි තුන්දෙනාට හොදටම නින්ද ගියා. එක පාරටම මට ඇහැරුනා වෙලාවක් කියන්නනම් දන්නෑ... එතකොට හද එලියත් ගිහිල්ලා. 
" ඒ බන් නගිටපන්" අරුන් දෙන්නා උඩ විසික් වෙලා ඇහැරුනා. එකෙක් ඔලුව කහනවා. අනිකා තුස්නිම්භූත වෙලා වගේ මගේ දිහා බලන් ඉන්නවා.
මොකෝ බන් මං නැගිට්ටුවේ..
"මේක යකෝ..පාර ගෙදර යමු" මිනිහා සැපට නිදාගෙන තියෙන්නේ ගෙදරෙයි කියලා.
තුන් දෙනාත් එක්ක නැගිටලා ගෙදර යන්න ආවා. හොල්මනනම් දෙන් පේන්න නෑ තිත්ත පත කරුවලයි.
අපි තුන්දෙනා හෆීල්ලගේ ගෙදර ලගට ආව විතරයි. හද එලිය එක පාරටම ආවා. ඒ එක්කම අවතාරයේ චායාව අපේ ඇගට වැවැටුණා.
පින්තූරය අන්තර්ජාලයෙනි

අපි තුන්දෙනා  දිව්වා මන කඩාගෙන ගිහිල්ලා නැවතුනේ ගෙදර හැබැයි අපි තුන්දෙනාගෙන් කාටවත් නූල් එහෙමනම් මතුරන්න ඕන උනේ නෑ හැබැයි බය වෙන්න පුලුවන් හොදම විදියටම බය වුණා.


අපි තුන්දෙනා හොලමනට හේතුව දැන ගත්තේ ඊට පස්සෙන්දා හෆීල්ලගේ ගෙදර ඉස්සරහ තියෙන අඹ ගහට හද එලිය වැටුණාම තමයි ඒ ගහේ හෙවනැල්ල පාරට වැටෙන්නේ.මරු අවතාරේ නේ....

හොල්මන් කතා වලට කැමති අයට මේකත් කියවලා බලන්න දැන මත්කත් නැතුව ඇතිනේ...
මෙන්න අම්බලන්ගොඩයා දැකපු හොල්මන් කතාවක්.


ප.ලි.
මේක මට වෙච්චි දෙයක් නෙමෙයි. මට ඒ වගේ අත්දැකීමකට තාම මූන දෙන්න බැරි වුණා.
මෙන්න මට පාසල් ජීවිතේ මුහුණ දෙන්න සිදුවුණු සුන්දර අත්දැකීමක් කියවපු නැති අය ඒකත් කියවන්න මයිලෝ අපිට මයිලෝ දීම...
ඔබට සදාජය..

Wednesday, January 27, 2016

රාත්‍රියේ දුටු තරුණ කාන්තාව..



මේ කතාව එක්තරා තරුණයකුට සිදුවූ සත්‍ය සිදුවීමක් මේ තරුණයා රැකියාව ලෙස කරන්නේ කැබ් සේවිස් එකක රියදුරෙකු හැටියට සේවය කිරීමය. කැබ් සේවිස් ගෙන දන්නවනේ. කෝල් එකක් එන ඕනම වෙලාවක සේවාවට වාර්තා කරන්න වෙන තැනක්නේ.රෑද දවල්ද කියලා වෙනසක් නෑ.
දවසක් මිනිහට කොලඹ ජාතික රෝහලේ ඉදලා ටිකට් කපපු රෝගියෙකු අනුරාධපුරයට රැගෙන යන්න සිදු වුනා. හවස දෙකට පමණ කොලඹින් පිටත් වුණු මොහු අනුරාධපුරයට ළගාවන විට රාත්‍රී හතටත් ආසන්න වෙලා තිබුණා.සතියකට සැරයක් විතර මේ වගේ ගමන් සෙට් වෙන නිසා මිනිහට මේවා ගානක් නෑ. රෝගියාව බස්සවපු ඔහු නැවතත් කොලඹ කරා ගමන් ඇරඹුවා.අනුරාධපුරයෙන් පිටත් වෙනකොටත් රාත්‍රී අටට ආසන්න වෙලා තිබුණා.
රෑවේගෙන එනකොට කොහොමත් වාහන අඩුයිනේ.ඒක නිසා මූ පාගලම ආවා.
ටික දුරක් එනකොට සුදුපාටින් ඇදගත්ත ගෑනු කෙනෙක් මූගේ වාහනේට අත දාලා.ඒ කාලේ ඉදලා මූට ගෑනු පරාන පෙන්නන්න බැරිලු. ගෙදරක චීත්තයක් වනලා තිබ්බත් මූ දෙපාරක් හැරිලා බලන ජාතියේ මිනිහෙක්ලු. කොහොමත් මූ තනියෙම එන එකේ කියලා. වෑන් එක නවත්තලා.
අයියේ මාව ඉස්සරහ හන්දියෙන් දාගෙන යන්න පුලුවන්ද?"
"හා...නගින්න නංගි." කෙල්ලට වැඩි වයසක් නැතිලූ. මිනිහා කෙල්ලත් එකක් අහක යන පල්පල් එහෙම දොඩනවලු ඒත් කෙල්ල කිසි කතා බහක් නැතිව පාරදිහා බලාගෙන කල්පනා කර කර ආවලු. ටික දුරක් ආවට පස්සේ...
"අයියේ ඔය ඉස්සරහ තියෙන මල ගෙදර ලගින් මාව බස්සවන්න"
මිනිහා පාර අයිනකට කරලා වෑන් එක නැවෙත්තලා.
"අයියේ...අයියට මහන්සිත් ඇතිනේ...එන්න තේ එකක් බීලා යන්න"
මූට මහන්සියෙත් හොදම එකලු.කොලඹ ඉදලා අනුරාධපුරයට ගිහිල්ලා ආපස්සට එන එකෙක් හොදටම දන්නව ඇති තියෙන කට්ට.මිනිහත් කෙල්ල කිව්ව ගමන්ම වෑන් එකෙන් බැස්සලු.බැහැලා බලනකොට අර කෙල්ල නැතිලූ.
"ශික් මේකි මෙච්චර ඉක්මනටම ගියාද " කියලා  මිනිහයා මලගෙදර පැත්තට ගොඩ වුනාලු. මළ ගෙදරට ගිහිපු ගමන්ම මූට තේ එකකුත් හම්බ වෙලා. ඒකත් බීලා මූ යන්න කියලා ලෑස්ති වෙලා. ඒ වෙනකොටත් මිනිය ගෙනෙල්ලා නෑ.මිනිහා පහලට එනකොට තමයි මල් ශාලාවේ වෑන් එක ඇවිල්ලා තියෙන්නේ. මරණෙත් බලලාම යන්න ඕන කියලා හිතපු මූ ආයෙත් උඩහට ඇවිල්ලා.
මිනිය බලනකොට මූට හීංදාඩිය දාලා. මූ වෑන් එකෙන් දාගෙන ආපු කෙල්ල වගේම කෙල්ලෙක්ලූ මිනී පෙට්ටියේ ඉන්නේ.මූ එලියේ හිටිය මනුස්සයෙක්ගෙන් විස්තර අහලා පවුලේ. ඒ පවුලේ ඉන්නේ එක කෙල්ලයි කොල්ලෝ දෙන්නයි. ඒ කෙල්ල තමයි මේ මැරිලා තියෙන්නේ. අර හිටිය කට්ටියට මූට සිදුවුණු විස්තරේ කියනකොට අර මිනිස්සු පුදුම වෙලා.කෙල්ල වාහනේට යටවුණු හරියේදී තමයි මූට මේ කෙල්ලව හම්බ වෙලා තියෙන්නේ.මූට දැන් ගෙදර යන්නත් බය හිතලා.නන්නාඳුනන පලාතක්නේ ඊටත් වැඩිය මුගේ හිතත් ගැස්සිලානේ.
මිනිහා උගේ හොදම යාලුවට කෝල් කරලා විස්තරේ කියලා.මම අද එන්නේ නෑ හෙට උදේම එනවා කියලා.

ඊට පස්සෙන්දා යාලුවට කෝල් එකක් ඇවිල්ලා.අරූ හැප්පිලා මැරිලා කියලා.
රෑ එන්නේ නෑ කියපු මිනිහා රෑ ආවේ කොහොමද කියලා අදටත් ප්‍රශ්නයක්ලූ.....

ප.ලි.
අහපු කතාවක් නිසා "ලූ" ,හිනා යන නිසා රෑප හිතේ මවාගෙන කියවන්න.

Sunday, January 24, 2016

කැරකෝපුව ගෙන පොඩියට & එම්බාම් කිරීම

කැරකෝප්පුව

කැරකෝප්පුව කියලා නම දැම්මේ හොල්මන් කතා ටිකක් තියෙනවා ඒ ටික ලියලා දාන්න. හොල්මන් කතා තිබුණු අඩවි ගණනාවක් දැන් අප්ඩේට් වෙන්නෑ. දැන් හොල්මන් කතාවලටම කියලා තියෙන්නේ අඩවි කිහිපයක් පමනි. ඒවාත් මේ අවුරුද්දේ තාම කිසිම පෝස්ට් එකක් පලවෙලා නැහැ(මම දන්න තරමින්) 
මම ගොඩක් කැමති හොල්මන් කතාවලට ඒකනිසා තමයි මේ වගේ එකක් මටත් හදාගන්න ඕන කියලා හිතුවේ..
මමත් තාම කතා හොයනවා හොය හොය තමයි පෝස්ට් කරන්න වෙන්නේ. මම දන්න කතා ටිකයි තියෙන්නේ..හැබැයි අදනම් පෝස්ට් එකක් දාන්න වෙන්නේ නම්...
හොල්මන් ගෙන විස්තර කරන්න ඉස්සර වෙලා එම්බාම් කිරීම ගැන පොඩ්ඩක් විස්තර කරන්න හිතුවා...මනුස්සයෙක් මැරුණට පස්සේ මල් ශාලාවේ ගෙදර තමයි එම්බාම් කරන්නේ. මේ කියන්න යන්නේ මල් ශාලාවේ කරන විදිය.මල් ශාලාවට ගෙනාවට ගෙනාවට පස්සේ මල් ශාලාවේ තියෙන විශේෂ මැශින් එකක තියෙන බටයක් මිනියේ යටි පතුලේ හයි කරන්නේ කකුලේ තියෙන ප්‍රධාන ශිරාවකට ඊට පස්සේ අර මැශින් එක දානවා එතකොට එකේ තියෙන පවර් එකට ශිරාව දිගේ ඇගේ තියෙන කැටි ගැහැච්ච ලේ ඔක්කොම ඇදිලා එනවා.ඊට පස්සේ හොදට නාවනවා.නෑව්වට පස්සේ මිනියේ මුලු ඇගටම ක්ලෝරෆෝම් ස්ප්‍රේ කරනවා.ඉන් පසුව මිනිය වේලෙන්න කලින් ටිෂූ එකක් වගේ කොලයක් අලවනවා. ක්ලෝරෆෝම් වේලුනාට පස්සේ එතන කොලයක් තියෙනවද කියලා පේන්නෑ.ඒ කොලේ විනිවිද පේන්න ගන්නවා.ඊට පස්සේ ඇදුම් අන්දලා ඇදුම ටින්ටස් ඇන වලින් හයි කරනවා.මම කියනදේ ගැන පොඩි හරි සැකයක් තියෙනවනම් මල ගෙදරකට ගිහිල්ලා මිනියේ මූන ටිකක් නියපොත්තකින් හූරලා බලන්න.

ප.ලි.
•මල ගෙදරට ආපු මිනිස්සු ඔබ පිස්සෙක් කියලා ගල් ගසා එලෙව්වට වග කියන්නේ නැත(මිනියේ මූන සීරීමට ගොස්)
•එම්බාම් කිරීම ඔක්කොම දැකලා නෑ.සමහර කරුනු අසා දැනගෙන ඇති කරුනුත් ඇතුලත් කර ඇති බවද සලකන්න