ඊට පස්සේ හරි අපූරු දේවල් තමයි ඔය හරියෙන් අහන්න ලැබුනේ.කුරුස හන්දියෙන් රෑ වෙලාවට ත්රී වීල් වලට ගෑනු කෙනෙක් නැගලා බටුවත්ත පැත්තට යන් කියනවලු.ත්රී වීල් එලවන අයත් දාගෙන ගියාම ඔය තරුණියගේ ගේ ගාවින් බැහැලා පොඩ්ඩක් ඉන්න කියලා ඇතුලට යනවලු හැබැයි ආයේ එන්නේ
![]() |
පින්තූරය අන්තර් ජාලයෙන්.. |
පස්සේ රබර් වත්ත අස්සෙන් ගෑනු කෙනෙක් අඩන සද්ද ඇහිලා තියෙනවා.ඔය ඔක්කොම මම එක එක්කෙනාගෙන් අහපු දේවල් එත් මගේ හිතවත් කෙනෙක්ටත් ඕකට මුහුණ දෙන්න සිද්ද වුණා.
ඒ මගේ තාත්තගේ යාලුවෙක් මිනිහා දවසක් වයිෆ්වත් දාගෙන ත්රී වීල් එකේ කුරුස හන්දියෙන් යද්දී වන්ගුව ගන්න ස්ලෝ කරද්දීම කවුද ගෑනු කෙනෙක් ඇතුලට නැගලා.වයිෆ් බය වෙලා කෑගහලා එත් මේ මනුස්සයා වයිෆ්ගේ කෑගැහිල්ලට හැරිලා බැලුවම කව්රුත් නැහැලු.එත් වයිෆ් කියනවලු මේ ඉන්නේ අනේ ඔයාට පෙන්නේ නැද්ද කව්ද මේ කියලා.ඊට පස්සේ දෙන්නම ත්රී වීල් එක අයිනෙන් නවත්වලා බැහැලා.
බැස්සට පස්සේ ගෑනු කෙනාටත් අර නැග්ග කෙනාව පෙනිලා නැහැ පස්සේ ඔය හරියේ මිනිස්සු ඔය හොල්මන් සීන් එක කිව්වම ගෑනු කෙනා එතනම සිහිය නැතුව වැටිලා.
ඊට පස්සේ ඔය හොල්මන් සීන් එක නැතුව ගියා.ඒ හොල්මනගේ අයියා ගුරුකමක් කරලා හොල්මනව අල්ලලා කියලා තමයි ආරංචි වුනේ.
ඒත් දැන් අවුරුදු තුනකට පස්සේ ආයෙත් මේක සිද්ද වෙනවා.ඒකත් මම ටිකක් දන්නා කෙනෙක්ට.එයා බිස්නස් වැඩකට දුර ගමනක් ගිහින් සේවකයෝ දෙන්නෙක් එක්ක පාන්දර එකට විතර බටුවත්තට ලොරිය හරවද්දී සුදු සාරියක් ඇදගත්තු ගෑනු කෙනෙක් ලොරිය පිටිපස්සෙන් යනවා සයිඩ් කන්නාඩියෙන් දැකලා.පස්සේ මෙයාලා තුන්දෙනාම ලොරිය ස්ලෝ කරලා හොඳට බැලුවම කව්රුත් නැහැල්ලු.කට්ටියම යන් කියලා හිතලා ඉස්සරහා බලද්දී පාරේ ඈත ඉඳන් ලොරිය දිහා බලන් ඉන්නවලු සුදු සාරියක් ඇදගත්තු ගෑනු කෙනෙක්.තුන්දෙනාම ටිකක් බය වෙලා ටික වෙලාවකින් ඒක නැතුව ගිහින්.
ඊට පස්සේ දවසක පොලිස් නිලධාරියෙක් පාන්දර 4ට ඔතනින් යද්දී දැකලා ජීන්ස් එකක් ඇදගත්තු ගෑල්ලමයෙක් එයාගේ ඉස්සරහින් යනවා.ඉතින් එයා මේ ගෑල්ලමයට කතා කරලා වෙලාව අහලා.ගෑල්ලමයත් පිටිපස්ස බලන්නේ නැතුවම එක පාරට හතරයි කිව්වලු.
පොලිස් නිලධාරියා මූණ බලන්න හිතාගෙන අඩිය ටිකක් ඉක්මන් කරලා මෙන්න මේ ගෑල්ලමයා දුවන්න පටන් අරන්.පොලිස් නිලධාරියාත් පස්සෙන් දුවලා.මේ ගෑල්ලමයා දුවගෙන දුවගෙන ගිහින් අර කිව්ව ලිඳට පැනලා.පොලිස් නිලධාරියා හොඳටම බය වෙලා කෑගහලා.අහල පහල ගෙවල් වල මිනිස්සු දෙතුන් දෙනෙක් දුවන් ඇවිත්.පොලිස් නිලධාරියා සිද්දිය මේ මිනිස්සුන්ට කිව්වම එක මිනිහෙක් කිව්වලු එයාගේ අම්මත් දවසක් ඕක දැකලා තියෙනවා කියලා.
මේ ලිපිය ලිව්වේ ඔය මැරුණයි කියන ගෑණු ළමයටවත් එයාගේ පවුලේ අයටවත් අපහාසයක් කෙරෙන්න හිතාගෙන නම් නෙවේ.මට කියන්න ඕන ඔය කියන හරියෙන් ඔයාලා කව්රු හරි බයික් වල ත්රී වීල් වල යනවා නම් රෑ වෙලාවට වෙන පාරක් බාවිතා කරන්න කියලා.මේ ලඟකදී ඔය සිද්දිය නිසා රාගම ත්රී වීල් එකක් රෑ හයර් එකක් ඇවිත් තේවත්තට පරංගියා කෝට්ටේ යනවා වගේ වෙන පාරවල් දාල
මෙහි සම්පූර්න අයිතිය මාහට හිමි නොවේ
මේක උපුටා ගත්ත එකක් ඈ ..............................
කැරකෝප්පුවෙන් බ්ලොග් කියවමු
රංගන සහෝදරයා දැන් අදුනන්නේ නැති එකෙක් නැති තරම්..... හැබැයි මිනිහා බ්ලොග් එකක් පටන් ගත්තේ රසබර කතා ටිකක් අපිට කියන්න. නොදන්න එකෙක් ඉන්නවනම් මිනිහගේ පැලටත් වෙල්කම් කියලා එන්නෝ.....
<<මෙතනින් රින්ගන්න>>
රසික කියන්නේ අපිට වැලහිච්ච තවත් අ නා බ්ලොග් කරුවෙක්.. ඔහුට හදා ගන්න දේවල් කිහිපයකුත් තියෙනවා. ලිවිල්ල ගෙනනම් කියලා වැඩක් නෑ.... සිරාවටම සුපිරියි. උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් සිරාවට උදව්වක් කලොත් ලොකු පිනක්......
<<මෙතනින් රින්ගන්න>>
<<මෙතනින් රින්ගන්න>>
මනසවිල කියන්නේත් ආදරය,ජීවිතය ගෙන ගොඩක් හිතන්න පුලුවන් තැනක්. ගිහිල්ලා බලලා විනෝද වෙලා එමුකෝ. මේක ලියන්නේ තරූ.. ගිහිපු නැති අය ඒ පැත්තටත් ගොඩ වෙලා සැප දුක බලලා
එමුකෝ.....
ප.ලි.
කැරකෝප්පුවේ යල්පැන ගිය පරන මුහුනත් තහඩුවට අලුත් මුහුනක් එක් කරදුන් අපේ කටු අකුලේ ලයියා[ළහිරු සහොදරයට] ට කොහොම ස්තුති කරන්න මන්දා.
ලයියා උබට මගේ හදපිරි මෙව්වා එක....
අදත් මං පලවෙනියා (තිතක්)
ReplyDeleteමාව ප්රසිද්ධ කරාට අයියට පිං (තිතක්)
පලවෙනියට මං මොනවද දෙන්නේ(තිත් පේලියක්)
Deleteස්තුතියි මචන(තිතක්)
මට මොනවත් ඔනෙ නෑ නම හරියට කියපන්කෝ (තිතක්)
Deleteඔන්න හැදුවා.. දැන් හරිය.
Deleteමමනම් රාගම පැත්තේ යන්නෙම නෑ. ඒ නිසා බය නෑ. ඇරත් මම ඔය හොල්මන් උනත් අක්කල නංගිල ට බය නෑ.
ReplyDeleteමේ බ්ලොග් ටිකත් කියවන්නෝනෙ.
රාගමම යන්න ඕනද හොල්මන් බලන්න.. රෑ මැදියමේ ටිකක් එලියට බැහැලා බලපන් මචන්..
Deleteනංගිලා අක්කලා එනවනම් ඉතින් අපිත් එහෙම තමයි. හැක්..
බලලා එමු හොද බ්ලොග් ටිකක්..
ගොඩාක් ත්රිවිල් වලට රැට හොල්මන් ගොඩ වෙනවාලු,අපේ පැත්තේ අයියා කෙනෙකුටත් හෙන කේස් එකක් වුනා හොල්මනක් නිසා,එත් ඔය ත්රිවිල් වලට නගින්නේ කෙල්ලොමනේ එක තමා හිතා ගන්න බැරි,
ReplyDeleteවෙලාව කිව්වාම පාඩුවේ යන්නේ නැතුව කෙල්ලගේ පස්සෙන් ගියේ මොකටද,අපේ පොලිස් කාරයන්ට හොල්මනුත් බයයි,
සුපිරි කතාව සහෝ
රස්ති සහෝදරයත් මුහුනත් තහඩුව එහෙම වෙනස් කරොලා නේන්නං අදුරගන්නත් බැරි උනා නෙව.. ලොකුවට කයිය ගැහැව්වට හමෝම වගේ හොල්මන් වලට බයයි බන්..
Deleteබොහොම ස්තුතියි මචන්.
අලුත් මූණත් හොදයි.......... හදුන්වා දෙන විදිහත් හොදයි..... ජය
ReplyDeleteමුහුන ඉතින් ලයියාගේ වැඩක් තමයි.
Deleteදිරිමත් කිරීමට ස්තුතියි කුරුටු...
ජය වේවා!
හොඳයි. මාත් ඔය පැත්තෙං යනව මාසෙකට සැරයක් පාන්දර. අම්මව හොස්පිට්ල් එකේ ක්ලිනික් එකට එක්කං යනව. මං දැකල නෑ.
ReplyDeleteමොලයක් තියෙන යකෙක්නං ඩ්රැකීට මුලිච්චී වෙයිද විහිලුවටවත් (තිතක්)
Deleteමොලයක් තියෙන යකෙක්නං ඩ්රැකීට මුලිච්චී වෙයිද විහිලුවටවත් (තිතක්)
Deleteඑහෙනම් ඔන්න බිය විය යුතු කාරනයක්.
Deleteකවුරුහරි අත වැනුවා වෙලාවට යනවා එහෙම නොවෙයි.
@රංගන... උබල දෙන්න දැක්කම ඉන්න යකුත් පස්ස නොබලා දුවාවී.
Deleteහොල්මනකට හොල්මනක් මුන ගැහුනු වෙලාවට මොකක්ද දන්නෑ වෙන්නේ....
@රංගන... උබ බීලද ඉන්නේ.. කොමෙන්ට් දෙක දාන්න.
Deleteඅකුරු ටිකක් ලොකු කරනවද? වයස වැඩි නිසා (නාකි නෑ හරිය)
ReplyDeleteදැන් ඉතින් හතලිස් ඇදිරිය නෙව... කාචයක් එහෙම ඕනද හැක්..
Deleteදැන්නම් වෙලාවක් නෑ ලලිත් පස්සේ තමයි හදන්න වෙන්නේ..
හොල්මන් නම් තාම දැකලා නැ. එත් මම අහලා තියනවා පාන්දර wife ගේ මුණ දැකලා බය උන husband ලා ගොඩක් ගැන.
ReplyDeleteහොල්මන් බලන්න ඕනනම් කොත්තුවකුත් අරන් බොරැල්ලේ කනත්ත පැත්තේ ගියානම් හරි මචන්..
Deleteඋදේ පාන්දර නැගිටින ඕනම හස්බන්ඩ් කෙනෙකුටම ඕක තමා ආනිසංසේ...
ඔය හොල්මන් කෙල්ලට අපේ රාගම අටමා මුන ගැහුන දවසට ආයේ ඔය හොල්මන ඉන් පස්සේ රාගමවත් ඉන්නේ නෑ.
ReplyDeleteහෙහ්.. ඒකනම් ඇත්ත බන්
Deleteඅටමා හොදට කියලා දේවී හෙල බස..
ඇයි අනේ මේ ගෑනු ළමයිම හොල්මන් කරන්නේ..
ReplyDeleteගෑනු ළමයි නිකන් දැක්කත් රෑ ට බයවෙනවනේ..
Deleteගිම්මිව දැක්කොත් කොහොමත් බය වෙනවා..
ReplyDeletePOINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.
@register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.
අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR
සැමට ජය!
ස්තුතියි මචන් පුලුවන්.
Deleteසිංඩියට ජය.
සිංහ මචන් කියන්නේ මම හිතුවේ ඉන්දික කියල. මේක තනිකරම යන්නේ හොල්මන් කතාද? ඔය ගනු ලමයයි පොලිස් නිලධාරියයි කටහ්ව ටිකක් වෙනස් විධිහට අහල තියනවා.
ReplyDeleteඉන්දිකට සින්හයෝ එකයිනේ ඉන්නේ.. මට දෙන්නෙක් ඉන්නවා. අහලා තියෙන ඔක්කොම හොල්මන් කතා ටික මේකේ කුරුටු ගානවා. මාත් එකම කතාව වෙනස් විදියට හතර පස් පලකදීම අහලා තියෙනවා.
Deleteජය වේවා!!!
This comment has been removed by the author.
ReplyDeleteමචං බොහොම ස්තූති මචං....උබලගෙ බ්ලොග් නම් සුපිරි....මාත් මේ දවස්වල ට්රයි කරනව බ්ලොග් එක හොදට හදා ගන්ඩ බං
ReplyDeleteඅනිත් අයට කියවන්න පුලුවන් විදියට සරලව බ්ලොග් එක හදා ගනින් බන්..
Deleteස්තුතියි අගය කිරීමට...
එන්න ටිකක් පමා වුණාට සමාවෙන්න ඕන ඕං . මෙන්න තවත් සුපිරි හොල්මන් කතාවක් ලියලා.....
ReplyDeleteසහෝ මේ විදිහට බ්ලොග් හඳුන්වා දීම නම් ගොඩක් අගය කරන්න ඕන . අනිත් අය ඉස්සරහට යනකොට කකුලෙන් අදින සමාජයක ඔබේ භූමිකාව ඉස්තරම් ! ඒ මනුස්සකම වෙනුවෙන් මගේ උත්තමාචාරය සහෝදරයා !!!
අයියෝ ඕක මොකක්ද පහුවෙලා හරි ආවානේ.. ඒක කොච්චර වටිනවද?
Deleteගොඩක් ස්තුතියි මෙතූ.. ඔබේ වදන් අපව තවත් දිරිමත් කරනවා...
ඔන්න ඉතින් මීට පස්සේ බොසා රාගම පැත්තෙ යන්නෙ නෑලු...හැක්
ReplyDeleteබොස් රාගට තියා රෑ 7න් පස්සේ එලියට බහින්නෙත් නැතෙයි කියලා ආරංචියි..
Deleteරසික ගේ එකේ කොමෙන්ට් දාන්න බැහැ.
ReplyDeleteකොමෙන්ට් දාන්න පුලුවන් අජිත් අයියේ.... මිනිහා දාපු ටෙම්ප්ලේට් එක තමයි අවුල්... සමහර වෙලාවට කොමෙන්ට් දාන්න අමාරු වෙනවා.
Deleteඉන්ටර්නෙට් පැකේජ් එක ඉවර වුනා බන්.. අලුත් මාසෙක අලුත් විදියට එන්න වුනා ඉතින් :D
ReplyDeleteඅඩේ උබ මේකෙ දාන්නෙ හොල්මන් කතා විතරමද? ඒවට මං පට්ට ලයික් ;)
ජය වේවා මචෝ!
මාත් මේ දවස්වල හුගාක් බිසී.. බ්ලොග් වලට එන්නත් බැරි උනා.
Deleteජය වේවා ඉදිරියට බලමු.
මේ බ්ලොග් එක ඇතුලත් කල හැකිද
ReplyDelete?
https://sandaruwn.blogspot.com
athulath kala....
ReplyDeleteමේ කතාවට නම් ටිකක් හිත ගැස්සෙනවා.
ReplyDeleteබ්ලොග් අඩවිය සින්ඩියට ඇතුලත් කිරීම
ReplyDeleteබ්ලොග් අඩවියේ නම - වල්පල්
ලින්ක් එක - http://magewalpal.blogspot.com/
ඇතුලත් කරා ජය වේවා!
Deletehttp://lepataheena.blogspot.com/
ReplyDeleteමටත් හතර රියනක් ඉල්ලගන්ට තියෙයි ද?
ජය වේවා දිගටම කරගෙන යමු
Deleteමේක පට්ට ම බොරු කතාවක්! 2009 දී කවුරුවත් මැරුණේ නෑ....ඕක වෙලා තියෙන්නේ 1960 ගණන් වල...
ReplyDeleteඑහෙම හොල්මනක් නෑ... ඒ ඉඩම ලාබෙට ගන්ඩ බලාගෙන අහල පහල ඈයෝ පතුරවපු කතාවක් ඕක...
දැන් ඒ ඉඩම විකුණලා... දැන් කිසිම හොල්මනක් නෑ
පට්ට බොරුවක්, මම ඒ හරියෙමයි. එහෙම දෙයක් නෑ
ReplyDeleteඅදහස් අවකාශය
ReplyDeletehttp://adahasawakashaya.blogspot.com/
අදහස් අවකාශයටත් කැරකොප්පුවෙන් රියන් 4ක් දෙන්ඩ, ඉඩ තියනවනම්.
Follow පාරකුත් දැම්මා ඕන්.
මගේ බ්ලොග් එක සින්ඩියට ඇතුලත් කරන්න පුලුවන්ද...
ReplyDeleteවාසිතය...
https://wasithaya.blogspot.com/?m=1
මගේ බ්ලොග් අඩවියත් සින්ඩියට ඇතුළත් කරන්න.
ReplyDeletehttp://iranga.net/
මේක මරු තැනක්.මගේ එකත් සිංඩියට දාමු... https://selfiekaviya.blogspot.com
ReplyDeleteහොද ලිපියක් .සින්ඩිකේටරයකට මගේ බ්ලොග් එකත් ඇතුළත් කරන්න.
ReplyDelete"දිනපොත"
http://Dinapotha01.blogspot.com/
Thewatta palitya issaraha watta ne me dan methana mariya mawthumiyage pilimayak hadala thiyrnawa
ReplyDelete