![]() |
පින්තූරය අන්තර්ජාලයෙන් |
මේ මම කියන්න යන්නේ මා අත්විදි සත්‍ය හොල්මන් කතාවක්...
......
...
මම පාසල් යන අවධියේ නැවතී සිටියේ බෝඩිමක. ඇත්තට ම මේක විශාල ගෙයක්.
මේ ගෙදර තියෙනවා එක කාමරයක්... ඊට අවුරුදු ගාණකට කලින් ඒ නිවසේ මිය ගිය ආච්චි කෙනෙක් එම්බාම් කරලා තියෙන්නේ ඒ කාමරේ. ඉතින් එනිසා ඒ කාමරේට යන්න කව්රු කව්රුත් බය යි... විශේෂයෙන් රැට... ඒකට හේතුවකුත් තිබුණා... ඒ තමයි එහි තිබුණු විදුලි බල්බය හිටි හැටියෙ ම ඔෆ් වෙන එක... ඒ නිසා කව්රු කව්රුත් ඒ කාමරේට යන්න ගොඩාක් බය යි.. සමහර අවස්ථාවල රාත්‍රියේ ඒ කාමරයට ගියපු සමහරු ලයිට් එක ඔෆ් වුණා කියලා කෑ ගහගෙන එළියට දුවගෙන එනවා...
මම ඉතින් මිනිස්සුන්ට හැරෙන්නට අමනුස්ස කියලා කට්ටිය හදුන්වන අයට බය නැති නිසා ඔය කාමරේ ම ඉල්ලා ගත්තා...
ඉතින් මම රැට ඔය කාමරයේ තනිය ම තමයි නිදා ගන්නේ...
මම ඉන්න සමහර වෙලාවටත් ඔය කාමරයේ විදුලි බල්බය ඉබේ ඔෆ් වුණා... කොහොම හරි එක දවසක් මම නිදාගෙන ඉන්න වෙලාවක මාර ම වැඩක් වුණා...
ඒ කාමරේ ජනේලයේ පියන් තිබුණෙත් නැහැ... නිකං ග්‍රිල් එකක් ගහලා ජනෙල් රෙද්දක් දාලා තමා තිබුණේ...
පාන්දර 2-3ට විතර වෙන්න ඇති...
කිසියම් සිද්ධියක් නිසා මට ඒ වෙලාවේ ඇහැරිලා හිටියේ... එක පාරට ම වගේ අමුතු හුළඟක් ආවා වගේ මට දැනුනා...
මම ජනෙලේ දිහා බැලූවා... එතකොට ම මම දැක්කා ජනෙලේ රෙද්ද එක තැනකින් ඉස්සී ඇති බව...
නිදිමරගාතේ හිටපු මම ඇසිපිය හොදට ඇරලා ඒ නැවත දිහා බැලූවා... ඇත්තටම කව්රු හෝ අතදාගෙන ඉන්නවා වගේ හොදට පෙනෙන්න ගත්තා...
මටත් හීං දාඩිය එහෙමත් දාන්න ගත්තා...
තව මොහොතක් එහෙම ම කාලේ ගෙවුණා...
එක පාරට ම යමෙක් ඒ ජනෙල් කූරු අතරින් ඇදට පැන්නා... මට මුත්‍රා පහ නොවුණු එක විතරයි...
.
.
.
.
.
.
.
.
බුදු අම්මෝ... පූසෙක්....
...
...
ආ... අනිත් දේ තමයි ලයිට් එක ඔෆ් වෙන එකත් පසුව නැතිව ගියා.. ඒ මම කැඞී තිබුණ හොල්ඩර් එක ඉවත් කර අලූත් හොල්ඩර් එකක් දැම්මාට පස්සෙයි...
ප.ලි.
මෙය උපුටාගත් කතාවක් බව සලකන්න..ගත්තේ....මෙතනින්..
~බ්ලොග් කියවනය~
මාගේ දිනපොත ලෙස පටන් ගත් බ්ලොග් එක ඒ නම වෙනස් කලා....නම වෙනස් කිරීමෙන් ඉතා අපල කාලයක් ලැබූ මේ බ්ලොග් අඩවිය. මේ අවුරුද්දට කිසිම පෝස්ට් එකක් නොදැමූ එම බ්ලොග් අඩවිය ඊයේ අපල කාලය නිම කරමින් අලුත් පෝස්ට් එකක් දැම්මා. නම වෙනස් කිරීමෙන් බොහෝ දෙනෙකුට වැලහුනු ඒ බ්ලොග් අඩවියට යන්න. මෙතනින් (මෙතූගේ බ්ලොග් කොටය).....
2013 බ්ලොග් කලාවට අවතීර්ණ වූ ලයියා සහෝදරයා.. වැඩි කල් නොගොස්ම බ්ලොග් කලාවට සමුදුන්නේය... ඒත් ඒ තාවකාලික සමුදීමක් කරමින් එම සහෝදරයා නැවතත් බ්ලොග් කලාවට අවතීර්ණ විය ගොඩක් අය අදුරනවත් ඇති... ගිහිල්ලාම බලාපල්ලා කවුද මූ කියලා.. කටු අකුල...
මම බොහොම භයවුනා.. මගේ පැන එපා වුනා...
ReplyDeleteතොවිලයක් එහෙම කරන්න වෙයිද??? හෙහ්.
Deleteබය උනානම් එච්චරයි..
පුසෙක් කල හරිය මදැයි...
ReplyDeleteමම ඉස්සෙල්ලා පෝස්ට් එක ලියනකොටත් ඔහොම සිද්දියක් උනා. ඒකත් මේකට අල්ලලමා ලියනවා.
Deleteවැඩට ගිහින් ආපු ගමන් ඇගපත හෝදගෙන බතුත් කාලා. ගත්තා.. ලැප් පොජ්ජ. අරගෙන ලියන් හිතුන පෝස්ට් එකක් ඉතකොටත් 9ත් පහුවෙලා. දැන් පෝස්ට් එක ලියනවා..10ත් උනා. තාත්තා කිව්වා කාලා නිදාගනින් කියලා. තව ටිකකින් නිදා ගන්නවැයි කියලා. ඉතුරු ටිකත් ලියන්න පටන් ගත්තා. 11ට කිට්ටු වෙනවත් එක්ක කුස්සියේ දොර ඇරෙන්න වගේ ඇහුනා. මං හිතුවේ අම්මවත් එලියට ගිහිල්ලා කියලා.. "අම්මේ" ම්හ්.. අම්මා නෙවෙයි. නිකන් ඇරෙන්න ඇති කියලා. මගේ වැඩේ කරගෙන ගියා. ආයෙත් කුස්සිය පැත්තෙන් කුනු භාජනේ පෙරලෙන සද්දේ ඇහුනා. ඒ පාරනම් ගැස්සිලා ගියා.. ලයිට් එක දැම්මා හිමින් හිමින් සැරේ කිට්ටු වෙලා බැලුවා. බැලින්නම් පූසෙක් කුනු භාජනේ පෙරලගෙන දිව්වා.. එතකොට තමයි ටිකක් ඇගට ලේ.. ටිකක් ඉනුවේ. ඒත් හොල්මන් කතා ටික එකිනෙකට මැවී මැවී පේන්න ගත්තා.. වැඩේ හරියන්නෑ පෝස්ට් කරන්න ඕන දේවල් නෙමේ ලියන්නේ.. අන්තිමේ එක පෝස්ට් එකකට දාන්න හිටිය කතාව පෝස්ට් දෙකකින් දාන්න උනා.. මේ පූසා හින්දා අනිත් එවුන්ගේ බ්ලොග් වලට යන්න බැරි උනා. සිද්දිය උනේ හරියටම මේ සතියේ 15වෙනිදා...
බොහොම ස්තුතියි මේ පැත්තට ආවට..
පුසෙක් කරලා තියන දේවල් අනේ ඇත්තට....
Deleteපොඩි සතෙකෙට උනත් ලොකු දෙයක් කරන්න පුලුවන් ගිම්මි..
Deleteහිනායන්නේ නෑ ඕයී (තිතක්)
ReplyDeleteඉතින්... වහ ගනින්කෝ කට(තිතක්)
Deleteහැමවෙලේම හිනා වෙලා ඉන්න එකාට හිනා උනත් ඒක තේරෙන්නේ නෑ(තිතක්)
හොඳයි...
ReplyDeleteඔන්න කාලෙකින් හොදක් ඇහැව්වේ..
Deleteඋබට හොදයි නම් එච්චරයි.
හූ ..හූ ..පූසෙක්ටනෙ බයවෙලා තියෙන්නෙ ...
ReplyDeleteමචෝ කතාවේ මාතෘකාව පූස් හොල්මන කියල නැතිව වෙන නමක් දැම්මනම් කුතුහලය වැඩිවෙන්න තිබ්බ.මොකද මුලින්ම මාතෘකාව තිබ්බම නිකමට වගේ හිතෙනව. මේ එන්නෙ හොල්මනක් නෙවේ පූසෙක් වෙන්නැති කියල. මේ මට හිතුන දේ :)
රෑට පූසෙක් තියා කොලයක් වැටුනත් බය හිතෙනවා.
Deleteදැන් දැන් මටත් හිතෙනවා. ඕකම. ඉලග පෝස්ට් එකට දෙන්නම් කෝ බය හිතෙන නමක් හැබැයි නෑවිත් අරීවිද දන්නෑ..
බොහොම ස්තුතියි යෝජනාවට..
අනේ ඇත්තටම .... පොස්ට් එක නම් නියමයි සහෝ දුන්න සප් එකට ගොඩාරියක් තෑන්ක්ස් හොඳේ.... දිගටම ලියන්න .... ආයෙ නම් වරද්දන්නේ නැතුව හැමදාම එනවෝ... ජයවේවා!!!
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරී...
Deleteදිගටම ලියන්න අපි එනවා බලන්න.
තවත් හොදට ලියන්න.
ReplyDeleteලොකු උත්සාහයක් දෙනවා කුකුලෝ.. බොහොම ස්තුතියි අදහසට.
Deleteඔබතුමා 2,3 වෙනකන් මොකෝ කරේ
ReplyDeleteඋපටා ගැනීමක් මචන්.. මට වෙච්චි ඇත්තම සිදුවීම ගිම්මිට රිප්ලයි කරපු කොමෙන්ට් එක බලන්න.
Delete"ඔබතුමා" ගරු නාම ඕන් නෑ බන් ඔව්වා ගන්න පුලුවන් තැනක මන් නෑ.. උබ බන් බොලන් හොදටෝම ඇති.
මහත්තයෝ මිනිසුන් සියල්ල එක හා සමානයි. සෑම දෙනාට ගරු කරමු.
Deleteගරු නොකරීමට නෙමෙයි කිව්වේ... ඔබගේ ගති ගුන අගය කරමි.
Deleteගොඩක් හොල්මන් කියලා දකින්නෙම ඔය වගේ දේවල් තමයි බං.
ReplyDeleteඔව් බන් මාත් තාම හොල්මනක් දැකලා නෑ. මාත් ආසයි මේ වගේ කතා අහන්න ඉතකොට මාර කික් එකක් ඉන්නේ.. හෙහ්.
Deleteහොල්මන් වලට බය එවුන් පොඩි දේකට උනත් තිගැස්සෙනවා, සමහරු බය වෙලා සිහියත් අවුල් කරගන්නවා.
ReplyDeleteකට්ටිය හොල්මන් කියලා බය වෙන්නේ වෙන වෙන ඒවට... අපේ පැත්තෙත් හිටියා එහෙම බය වෙච්ච කිහිප දෙනෙක් එක්කෙනෙක් නම් ජීවිතයෙනුත් සමුගත්තා.
Deleteබොහොම ස්තුතියි අදහසට.
මදැයි හොල්මන් කියලා හිතං උඩ දාගෙන කියෙව්වා :3 බලද්දී පූසෙක්නෙ...
ReplyDeleteබොහොම ස්තූතියි මචන් උබේ සහයෝගයට.. බ්ලොගේට ගිය වෙලේ ඒකෙ කමෙන්ට්ස් දැක්ක ගමන් ටක් ගාලා මේ පැත්තෙ ආවා.. සිරාවට හිතුවේ නෑ ආ ;)
ජයවේවා!
උබේ සින්ඩි කොටේට පොටෝවක් වගේ එකක් තියනවා නම් ඒකෙ html ලින්ක් එක දාහන්කො..
Deleteහෙහ්.. හෙහ්.. ඒත් බය වුනු එකා බය වුනේ හොල්මනක් කියලනේ..
Deleteආයේ අතාරින්නේ නැතුව දිගටම ලියමු. බොහොම ස්තුතියි මචන්.
සිංඩියට තාම html නෑ... පොටෝ එකක් නම් තියෙනවා. ඒක ඕන්නම් අලවගතහැකි.
Deleteමට ඒක mail කොරහන්
Deleteමොකක්ද බන් මේල් එක දාලා නෑනේ...
Deleteනැත්නම් Download කරගනින් පහළ තියෙනවා පින්තූරේ....
Deleteඑල එල.. මම දැන් බන් දැක්කෙ.. ඒක නෙමේ ඕක තව ටිකක් ගතියට එඩිට් පාරක් දාමුද? අකුරු ටිකක් පැහැදිලි මදි බන් ඒ පොටෝ එකේ
Deleteඔය එඩිට් කරන මට අරහන් බන් මේකත් යන්නතම් හදාගත්තේ...
Deleteඒක මං කොරලා දෙන්නම් ඕනෙම නම් බන්
Deleteලොකු දෙයක් මචන් කරලා දෙනවනම්............
Deletemaheshsamanthakumara8@gmail.com
හොඳද බලහන්
Deleteසුපිරියි බන්.........
Deleteබොහොම ස්තුතියි උදව්වට.
සුපිරි කතාව සහෝ,වෙලාවකට සත්තුත් අහිංසක අපිවම බය කරනවානේ,
ReplyDeleteජයෙන් ජය සහෝ,
ඔව් මචන් පූසා දැක්කම හිනාත් යනවා... බොහොම ස්තුතියි රස්ති................
Deletehttp://vikasitha1.blogspot.com/
ReplyDeleteදැම්මා සහෝ.
Delete