Tuesday, February 9, 2016

සිරිසේන ගොයියා..

ඔන්න අපේ සිංඩියට පොටෝ එකකුත් හැදුවා බොලන්

මේ කතාව ගෙතිලා තියෙන්නේ අපේ අල්ලපු ගමේ සිරිසේන මාමා වටා..කව්රුහරි අපේ සිරිසේන ජනාදිපතිතුමා ගෙන කතා කරනවයි කියලා කැරකෝප්පුව පැත්තට ගොඩ වුනානම් සමාවෙන්ට....

අපේ සිරිසේන ගොයියව අපි හරියට අදුරගත්තේ අපි ස්කෝලේ යනවුන් කාලේ. හැමදාම උදේට සිරිසේන මාමා අක්කලා දෙන්නත් එක්ක ස්කෝලේ ළගට ඇවිල්ලා අක්කලා දෙන්නව ස්කෝලෙට දාලා යනවා. ඒ දෙන්නව ගන්න හවසටත් එන්නේ සිරිසේන මාමමයි. මාමට බයිසිකල් පදින්නත් බෑ.. අර ගිනිකූටක අව්වේ පිච්චි පිච්චි යනකොට අපිටත් දුක හිතෙනවා. දුක හිතෙන අපිත් තොප්පියක්වත් නැතුවම යන්නේ ඒ අව්වේ...

කෙල්ලෝ දෙන්නා හින්දා සිරිසේන මාමට වැඩකට යන්නවත් විදියක් නෑ.. මොකද අපේ ස්කෝලේ තිබුණු පැත්ත එච්චර හොද තැනක් නොවීම හා කෙල්ලෝ දෙන්නට මාමා ගොඩක් ආදරේ කිරීම. අම්මත් නැති දරුවෝ දෙන්නනේ. ආ මට ඉස්සෙල්ලා කියන්න බැරි උනානේ.... සිරි මාමාගේ වයිෆ්(මායියා) දරුවෝ දෙන්නා පොඩි කාලෙදිම වෙන මිනිහෙක් එක්ක පැනලා ගිගිහිල්ලා. කොහේට ගියාද කියලා මම තියා මිනිහාවත් දන්නෑ....

ජීවන වියදමත් වැඩි වීමත් එක්ක සිරි මාමට පවුල නඩත්තු කරගැනීමට අසීරු තත්වයකට පත් වෙනවා. මෙතෙක් දවසක් පාසලේ කැපී පෙනෙන ළමයි දෙන්නෙක් ලෙස පාසලට පැමිණි අර කෙල්ලෝ දෙන්නා ටික ටික පාසලේ අපිරිසිදුම ළමයි දෙන්නා බවට පත්වෙන්න වැඩි කාලයක් ගත වුනේ නෑ..

ඔය කාලේ සිරි මාමට මහසෝනා ගහලා කියලා අපිට ආරන්චි වුනා. කොහොම ගැහැව්වද කියලා මම දන්නෑ ඒ දවස් වල ඕවා ගෙන හොයන්න මට මාර ඇම්මක් තිබුනා. ඒත් හෝඩුවාවක් හොයා ගන්න බැරිවුනා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා අම්මාගෙන් ඇහැව්වා. අම්මා කිව්වා ඕවා ගෙන හොයන්න එපා හෙව්වොත් මහසෝන් දිශ්ටිය මගේ පස්සෙන් එනවා කියලා. ඒක නිසා ඒක හොයන එක අත ඇරලම දැම්මා. මොනවා කරන්නද මහසෝන් මලයා පස්සෙන් ආවොත්...

සිරි මාමා පිස්සුවෙන් වගේ කෑ මොර දෙන්න පටන් ගත්තා. ගෙදරත් ඉන්නේ අර කෙල්ලෝ දෙන්නා විතරයිනේ. උන්දෙන්නා දන්න දෙයක්‍යැ. මට ගිහින් කරන්න පුලුවන් දෙයක් තියෙයි. ඊට මාසෙකට පස්සේ අර කෑ කෝ ගහන එක නැවතුනා ඒත් මිනිහට පිස්සු. එක කෙල්ලෙක් ස්කෝලේ යන එක නවත්තලා ගාමට් යන්න පටන් ගත්තා. ඊට මාසෙකට පස්සේ පොඩි කෙලීත් ස්කෝලේ යන එක නැවෙත්තුවේ ස්කෝලේ එවුන් උබේ තාත්තා පිස්සුට කියලා කියන හින්දා....

ඔහොම මාසයක් විතර ගියා. සිරි මාමා වැඩිය එලිය පහලට බහින්නෙත් නෑ. පිස්සු ගතිය  නම් පොඩ්ඩක් විතර අඩුයි. දවසක් මහ රෑ සිරි මාමා නැගිටලා තියෙන්නේ හොදටම මූ‍ත්‍රා බරක් හැදිලා. වෙනදා පුරුද්දටම සිරි මාමා උලුවස්ස ළගට ගිහිල්ලා පයිපේ අල්ලන ගමන් "අද තරු එකක්වත් පායලා නෑනේ"  මාසේ පෝයක් වෙන්නැති කියලා අදට ගිහිල්ලා නිදාගෙන. 

උදේ නැගිටලා බැලින්නම් සිරි මාමා මූත්‍රා කරලා තියෙන්නේ අල්මාරියේ දොර ඇරලා... 

සිරි මාමා ඊට මාස කිහිපයකට පස්සේ අපෙන් සමුගත්තා. මැරෙනතාක් මිනිහාගේ පිස්සුව හොද වෙලා තිබුනේ නෑ. හැබැයි මිනිහට මහසෝනා ගැහැව්වද නැත්තනම් ආර්ථික අපහසුතාව නිසා පිස්සු හැදුනද කියලනම් දන්නෑ..

.............................................................................................

කැරකෝප්පුව,
ඕන් බොලන් අපේ සින්ඩියට රූප පොජ්ජක් එහෙම එකතුකලා.. බොලාලා ලියන හා අදුරන ගොයියන්ගේ අඩවි මෙහි නැත්නම් කියලා යනවනම් ලොකු උදව්වක් ගොයියෝ...
බොලාලටත් පුලුවන් සිංඩියට පොඩි සහයෝගයක් දෙන්න ඒත් අපි ලග ජාවා ස්කීප් එහෙම නෑ.. සහයෝගයක් දෙන්න කැමතිනම් සිංඩියේ පහල තියෙන රූපය භාවිතා කරන්න. දන්නේ නැති එවුන් පහල තියෙන උපදෙස් මාලාව කියවලා දාගන්න.
ඔබ ලබා දුන් සහයෝගයට බොහොමත්ම ස්තුතියි!!!

මට කියවන්න
ඔබේ අඩවියත්.

ප.ලි.
උඩින් ලියපු කතාව ඇත්තම කතාවක්. හොල්මන් කතා තව කිහිපයක් තියෙනවා දාන්න කතාවලට එන්ටර් විය යුතු ආකාරය මේ දවස්වල හොය හොය ඉන්නවා. ඉක්මනටම ඒ කතාටිකත් දාන්නම්.
කතාව කියවලා ලබාදුන් සහයෝගයට ස්තුතියි!!!

Monday, February 1, 2016

හෆීල්ගේ සෙවනැලි හොල්මන...

පින්තූරය අන්තර් ජාලයෙන්

සාමාන්‍යයෙන් හොල්මන් කතා වලට කැමති බොහෝ මිනිස්සු මම අනන්තවත් දැක ඇත. ඒ බොහොමයක් අය හොල්මන් කතා,අවතාර වලට කැමත්තක් දක්වන්නේ ඒවාට ඇති බිය හා කුතුහලය නිසාය. එවන් අය සදහා තමයි මම මේ ලියන්නේ...මේවාට කැමති නැති අයත් අති කියලා මම හිතනවා.මේ මගින් සමාජයට අයුතු මතයක් දීමට බලාපොරොත්තු නොවෙන බව කරුණාවෙන් සලකන්න. අතිශය විනෝදය සදහා පමණක් මෙය ලියාගෙන යන්නේ.

මායි තිසරයි කවිදුයි ගිය වෙසක් එකට වෙසක් කූඩු හදන්න පන්සල් ගියා. දහම් පාසලේ වෙසක් කූඩු තරගෙට අපි තුන් දෙනාත් කූඩුවක් හදන්න තමයි පන්සලට ගියේ හෙට වෙසක් පෝය නිසා ඊට කලින් කූඩුව කොහොම හරි හදාගන්නත් ඕන.අපි තුන්දෙනා රෑ අට විතර වෙනකොට කූඩුව හදලත් එවර නෑ. අපිට ප්‍රතිවිරුද්ධ පාර්ශව කිහිපයක්ම කූඩු හදලා ගියා. අපි තුන්දෙනා හැරුනම ඉතිරි උනේ තව දෙන්නයි උන් දෙන්න කූඩුව හදලා එවරයි ඒත් යන්නේ නෑ.අපි තුන්දෙනා උන්ගේ කූඩුවට ගේම දෙයි කියලා බයට..අපේ වැඩත් දන්නවනේ ඉතින්. දැන් රෑ දහයත් පහුයි. අපි යන්නේ නෑනේ අරුන් තුන්දෙනත් ගියා ගෙදර. අපිත් ආතල් එකේ හොල්මන් කතා අරව මෙව්ව කියකිය කූඩුව හැදුවා. අපි සෙට් එක කූඩුව හදලා ඉවර වෙනකොට රෑ දොලහත් පහුයි. 
"යමන් බන් ගෙදර මටනම් නිදිමතේ ඉන්නත් බෑ" තිසරය කන් කෙදිරි ගාන්න පටන් ගත්තා.

"ඔව්  බන් හෙට උදේ පාන්දර ඇවිල්ලා අලවමු හවසටනේ තරගේ තියෙන්නේ..."

"නෑ..බන් අපි මෙහේ රෑ ඉදලා අලවමු බන්...එතකොට ලේසියිනේ..." මං වෙනස් මතයක හිටියා.

"උබ මෙහේ ඉදපන්.....
මේ මගුලේ ඉන්න පුලුවන්ද..." මුන් දෙන්නම මට හරස් විය.

"හා..හා..කෑනොගහ පලයන්"
  
තුන්දෙනාත් එකක් පන්සලෙන් එනකොට රෑ දොලහාමාරත් පසු වී තිබුණි. අපි පන්සල ළග වංගුවට එනවිට අයියලා සෙට් එකක් අඩිය ගහනවා.

ආ....මල්ල්ලිලා...කොහෙද මේ...පන්සල් ගියාද" සුද්ද්‍යියා ඇහුවේය.
ඔව් බන් අයියේ අපි පන්සල් ගියා."

"බලාගෙන පලයල්ලා...මුස්ලිම් කඩේ ළග ගෙදර හෆීල් හිටියා..."
"අනේ පලයන් යන්න බන් කෙබ්බ ගහන් නැතුව."
තිසරයාගේ මූණනම් ටිකක් අවුල් වගේ..

"මොකෝ බන් තිසර.."
"මටනම් දැන් මොකක්ද මොකක්ද වගේ බන්....අපි පන්සලට ගිගින් නිදාගමුද?"
තිසරයා දැන් ලෙල්ල හුටන් වෙන්න බයවෙලා.
"තොට හොද වැඩේ මං කියන එක අහන් නැතුව ආවට"
"වාහේ තොට යන්න තියෙන්නෙත් මේ පාරෙන්ම තමයි" උගේ කතාව හරිය අපි තුන් දෙනාටම යන්න තියෙන්නේ මේ පාරෙන් තමයි.
පන්සල ළග හංදියට වෙනකම් මල ලතෝනි තිය තිය ආපු එකෙක්වත් දැන් නෑ... තුන්දෙනා එක්ක අඩිය ඉක්මන් කරලා ආවා. මුස්ලිම් කඩේ කිට්ටු වෙනකොට තුන්දෙනාගෙම ගමන බාල වුණා.  

"ඒ බන් මොකුත් පේනවද බලපන්"
"මොනවා පේන්නද තිත්ත පත කරුවලයි" අපි චෝච් එකක් තියා ෆෝන්  එකක්වත් අපි ළග තිබුනේ නෑ..  දවල්ට මහ ලොකු චන්ඩියා..තිසරයා අපිත් එක්ක ඉන්නවද කියලා අපිට තේරෙන්නෑ ඌ ඒ තරමටම සයිලන්ඩ්.
"මෙතෙන්ට වෙලා අල කන්නද යමන් බන් යන්න" කවිදුවා කියාගෙන ඉස්සර උනා.
ඒත් එක්කම වළාකුළු  වලට මුවා වෙලා තිබුණු හද එලිය එකපාරටම පාරට වැටුණා.
" ඒ බන් නැවතියන්"
"මොකෝ දැන් තමයි යන්න හොදම වෙලාව"
"ඒ..ඒ..බ..ලපන්. අතර අ...වතාරය" තිසරයා පෙන්නපු පැත්ත බැලුවා.. අම්මට සිරි ඇත්තනේ.... අවතාරයේ හෙවනැල්ල පාරට වැටිලා තියෙනවා.
දැන් මොකද කරන්නේ මචන්.."
"මොනවා කරන්නද හද එලිය යනකම්ම ඉන්න වෙනවා" කවිදුවාගේ කයියත් දැන් බැහැලා....
තුන්දෙනා එක්ක පාර අයියේ තාප්පෙට හේත්තුවෙලා. පැය  බාගයක් විතර බලාගෙන හිටියා හද එලියනම් යන පාටක්වත් නෑ.. මදුරුවොත් කනවා. නිදිකිර හිටපු අපි තුන්දෙනාට හොදටම නින්ද ගියා. එක පාරටම මට ඇහැරුනා වෙලාවක් කියන්නනම් දන්නෑ... එතකොට හද එලියත් ගිහිල්ලා. 
" ඒ බන් නගිටපන්" අරුන් දෙන්නා උඩ විසික් වෙලා ඇහැරුනා. එකෙක් ඔලුව කහනවා. අනිකා තුස්නිම්භූත වෙලා වගේ මගේ දිහා බලන් ඉන්නවා.
මොකෝ බන් මං නැගිට්ටුවේ..
"මේක යකෝ..පාර ගෙදර යමු" මිනිහා සැපට නිදාගෙන තියෙන්නේ ගෙදරෙයි කියලා.
තුන් දෙනාත් එක්ක නැගිටලා ගෙදර යන්න ආවා. හොල්මනනම් දෙන් පේන්න නෑ තිත්ත පත කරුවලයි.
අපි තුන්දෙනා හෆීල්ලගේ ගෙදර ලගට ආව විතරයි. හද එලිය එක පාරටම ආවා. ඒ එක්කම අවතාරයේ චායාව අපේ ඇගට වැවැටුණා.
පින්තූරය අන්තර්ජාලයෙනි

අපි තුන්දෙනා  දිව්වා මන කඩාගෙන ගිහිල්ලා නැවතුනේ ගෙදර හැබැයි අපි තුන්දෙනාගෙන් කාටවත් නූල් එහෙමනම් මතුරන්න ඕන උනේ නෑ හැබැයි බය වෙන්න පුලුවන් හොදම විදියටම බය වුණා.


අපි තුන්දෙනා හොලමනට හේතුව දැන ගත්තේ ඊට පස්සෙන්දා හෆීල්ලගේ ගෙදර ඉස්සරහ තියෙන අඹ ගහට හද එලිය වැටුණාම තමයි ඒ ගහේ හෙවනැල්ල පාරට වැටෙන්නේ.මරු අවතාරේ නේ....

හොල්මන් කතා වලට කැමති අයට මේකත් කියවලා බලන්න දැන මත්කත් නැතුව ඇතිනේ...
මෙන්න අම්බලන්ගොඩයා දැකපු හොල්මන් කතාවක්.


ප.ලි.
මේක මට වෙච්චි දෙයක් නෙමෙයි. මට ඒ වගේ අත්දැකීමකට තාම මූන දෙන්න බැරි වුණා.
මෙන්න මට පාසල් ජීවිතේ මුහුණ දෙන්න සිදුවුණු සුන්දර අත්දැකීමක් කියවපු නැති අය ඒකත් කියවන්න මයිලෝ අපිට මයිලෝ දීම...
ඔබට සදාජය..